රුවන්වැල්ල ප්‍රදේශයේ අවි නිෂ්පාදනය ඇතුළු ගිනිඅවි සැපයෙන අවි ගබඩාවක් සහ නිෂ්පාදනාගාරයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අද උදෑසන විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ.
මෙම අවි නිෂ්පාදනාගාරයේ තිබී ගිනිඅවි 08ක් සහ තවත් ඒවා නිෂ්පාදනය කිරීමට භාවිත කර ඇති ද්‍රව්‍ය එම ස්ථානයේ තිබී හමුවී ඇත.
අත්අඩංගුවට පත් ගිනිඅවි අටෙන් තුනක් විදේශීය රටක නිෂ්පාදනය කෙරුණු බෝර 12 තුවක්කු 03ක්, ටී 56 පතුරම් භාවිතයෙන් මීටර 300ක් පමණ දුරට ඉලක්ක කළ හැකි ගල් කටස් එකක්, 0.22 ප්‍රමාණයේ රිවෝල්වර් එකක්, දේශීයව නිපදවූ තවත් ගල්කටස් ගිනි අවියක් ඇතුළු මෙම ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකායට ලද ඔත්තුවකට අනුව ක්‍රියාත්මක කළ මෙහෙයුමක දී අද අළුයම මෙම ගිනිඅවි අත්අඩංගුවට ගත් අතර ඒවා නිෂ්පාදනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිට පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.