අලුතෙන් ගුවන් යානා 200ක් එකතු කරමින් ගුවන් ගමන් වාර වැඩි කර ගැනීමට ‘එයාර් ඉන්දියා’ ගුවන් යානා සමාගම සැලසුම් කරමින් සිටින බව ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
“ගුවන් යානා සමාගම ඉතාමත් වේගයෙන් තමන්ගේ පරිමාණය වැඩි කර ගන්න කටයුතු කරනවා.. මිලදී ගැනීමට සූදානම් වෙන ගුවන් යානාවලින් සීයට 70ක් පටු බඳ සහිත ඒවා වන අතර සීයට 30ක් පුළුල් බඳ සහිත ඒවායි..” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
‘එයාර් බස් හා බෝයිංග් ගුවන් යානා දෙවර්ගයම කෙරෙහි එයාර් ඉන්දියා අවධානය යොමු කර තිබුණත් බෝයිංග් යානා බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇත.
මේ අතර එයාර්බස් ප්‍රධාන වාණිජ නිළධාරී ක්‍රිස්ටියන් ෂෙරර් පවසා සිටියේ එයාර්බස් ගුවන් සේවය් ටාටා සමූහය යටතේ ප්‍රතිසංවිධානය වෙමින් පවතින බවත් නව ගුවන් යානා සමඟ නවීකරණය කිරීමට බලාපොරොත්තු වෙන බවත්ය.
යුරෝපීය ආයතනයකින් A 350 පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමට තීරණය කර ඇති අතර එම ගනුදෙනුව සිදු වුවහොත් A 350 ඇණවුම් කළ පළමු ඉන්දීය ගුව්න සේවය බවට එයාර් ඉන්දියා පත්වෙනු ඇත. එලෙසම එය 2006 වසරෙන් පසු පෞද්ගලීකරණය කරන ලද ගුවන් සමාගමක් විසින් සිදු කළ පළමු ගුවන් යානා ඇණවුම ද වේ.