මහනුවර දී ඊයේ (19) ස්පුට්නික් එන්නත් මුදලට විකිණු බවට තොරතුරු ලබා දුන් පුද්ගලයා මේ වනතෙක් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් ඔහු සොයා පරික්ෂණ සිදු කරන ලෙස ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
වංචනික ලෙස එන්නත් විකිණීමේ කටයුත්තක් සිදුවන්නේ යැයි පළාත් නිළධාරින් වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයාව මේ වන තෙක් සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත් නමුත් එය ව්‍යර්ථ වීම මත අදාල සිද්ධිය පිළිබදව පරික්ෂණයක් සිදුකරන ලෙස පොලිසිය වෙත භාරදුන්නේ යැයි මේ පිළිබඳව විමසීමේ දී ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
මෙවැනි වංචනික සිදුවීමක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් කුමක් හෝ සාක්ෂියක් ලබා ගත යුතු බවද, සිදුවීමට අදාල පුද්ගලයන් සොයා යායුතු බවද අවධාරණය කළ ආණ්ඩුකාරවරයා ඇතැම් විට මහනුවර එන්නත්කරණ වැඩසටහන සාර්ථකව පවත්වා ගෙන ගිය බැවින් වැරදි තොරතුරු ලබාදෙමින් කටයුතු කඩාකප්පල්කිරිමේ අරමුණින් ක්‍රියාකරන පිරිස් ද සිටින බව කීවේය.
කෙසේ නමුත් මෙය අසත්‍ය පුවතක් නම් තොරතුරු ලබා දුන් පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම කීය.