දිනසේන රතුගමගේ –
යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලේ මේ දිනවල පැවැත්වෙන මංගල්ල පූජාවන් සදහා පැමිණෙන බැතිමතුන්ට 15 වෙනිදා සිට කොරෝනා මර්දන එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට කෝවිල් බාර කාර මණ්ඩලය තීරණය කොට තිබේ.
යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ තීරණයක් මත මෙම වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමට නල්ලූර් කෝවිලේ බාරකාර මණ්ඩලය තීරණය කොට ඇති අතර මෙවර කෝවිලේ පූජාවන් සදහා එක් වරකට සහභාගී විය හැක්කේ බැතිමතුන් සීයකට වඩා අඩු පිරිසකට පමණකි.
දිනකට වාර තුන බැගින් මංගල්ල පූජාවන් සැප්තැම්බර් මස 25 වෙනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් පූජාවෙන් පසුව යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්ලය හමාර වෙයි.