එජාප-සජබ සාකච්ඡාවලින් පසු ශ්‍රීලනිප-ජවිපෙ එක් කරගන්නත් සැලසුම්

SJB UNP SLFP JVP

විපක්ෂයේ පොදු පුළුල් සන්ධානයක් බිහිකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් මේ දිනවල සිදුකරමින් පවතින සාකච්ඡා තීරණාත්මක අදියරට පැමිණ තිබේ.

එම සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සූදානමක් පවතින බවත් විපක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාසරට අනාවරණය කළේය.

පසුගිය දින ගණනාවක් මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජනබලවේගයේ නියෝජිතයන් හමුවේ ඉදිරියේදී පොදු විපක්ෂයක් ලෙස එක් විය යුතු ආකාරය පිළිබඳව කරුණු රැසක් සාකච්ඡා කර ඇත.


එහිදී තවත් නිරාකරණය කර ගැනීමට ඇත්තේ සුළු කරුණු කිහිපයක් පමණක් බව සඳහන් කළේය.

මේ අතර හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික සංවිධානයේ සභාපති කරු ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ පැවැති විපක්ෂයේ පක්ෂ ගණනාවක සහභාගිත්වයෙන් යුතු විපක්ෂයේ සර්වපාක්ෂික සමුළුවේදී ද පොදු විපක්ෂයක් සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇතිව තිබේ.

මේ අතර එම කතා බහ අවසානයේ දී ද එකඟ වී ඇත්තේ ඉදිරි මැතිවරණවල දී සහ රජය විසින් මේ වන විට කරගෙන යන රටට සහ ජනතාවට හිතවාදී නොවන වැඩපිළිවෙළට එරෙහි පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙනි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාර්ශ්වයේ ද නියෝජිතයන් සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කොට ඔවුන් ද ඊට සම්බන්ධ කර ගැනීම පිළිබඳව අදහස් ඉදිරිපත්ව තිබේ.

Exit mobile version