.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සමුද්‍ර පරිසරයට සිදුවූ හානි විශ්ලේෂණය කිරීම සඳහා මෙරටට පැමිණි විදේශීය විශේෂඥ කණ්ඩායම අද (20) එම නෞකාව අසලට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.
ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක් ඉතාලි ජාතිකයෙක් සහ ස්විස්ටර්ලන්ත ජාතිකයෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ කණ්ඩායමේ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ සම්බන්ධීකාරකවරයෙකුද සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.
මේ වනවිට වෙරළ වෙත ගොඩගසන මුහුදු ජීවීන්ගේ මරණවලට මේ නෞකාව නිසා සිදුවූ පරිසර ව්‍යසනය හේතු වී දැයි සොයා බැලීම මෙම විශේෂඥ කණ්ඩායම ප්‍රමුඛ අවධානයක් දී කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.