දිනසේන රතුගමගේ –
යාපනය කිළිනොච්චිය හා මුලතිව් යන පළාත් වල නිවාස 150 කට වැඩි සංඛ්‍යාවකින් ස්වර්ණාභරණ මුදල් ජංගම දුරකතන හා ලැප්ටොප් ඇතුළු භාණ්ඩ හොරකම් කළ එකම පවුලේ සාමාජිකයින් කණ්ඩායමක පස් දෙනෙකු මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඊයේ ( 1 ) අත් අඩංගුවට ගෙන තිබේ.
අපරාධයේ ප්‍රධානියා වඩුකොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බව වාර්තා වේ.
මෙම හොරකම් වලට සම්බන්ධ වූ ඇත්තේ ඔහුගේ බිරිය, නැගණිය මස්සිනා හා පුතුන් බවට පොලීසිය හඳුණා ගෙන ඇති අතර මේ හොර කණ්ඩායම විසින් හොරකම් කළ ස්වර්ණාභරණ ඇතුලු බොහෝ දේ පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරුවන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.