බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස මහාචාර්ය ජයන්ත ලාල් පත්කෙරේ

by Lanka Sara Editor
නොවැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පත්කෙරේ.

ඒ ඉදිරි වසර තුනක කාලය සඳහා ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම කර ඇත.

ඌව වෙල්ලස්ස උපකුලපති ලෙස 2017 පෙබරවාරි සිට මේ දක්වාද ඔහු කටයුතු කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සිය ද්වීතීයික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි.

1982දී මොස්කව් නුවර පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයට ඇතුළු වූ හෙතෙම, රසායන විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලබා ගත්තේ පංති සාමාර්ථයක් ද සහිතවයි.

අනතුරුව, 1993දී ලුමුම්බා විශ්ව විද්‍යාලයෙන්ම රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගෙන තිබේ.

ජාතික විද්‍යා පදනමේ විද්‍යාත්මක නිලධාරියෙකු හැටියට සිය වෘත්තීය දිවිය ඇරඹූ මහාචාර්ය රත්නසේකර, 1996දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස රජරට විශ්ව විද්‍යාලයට බැඳී ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා අධ්‍යයන අංශයේ පළමු අංශාධිපතිවරයා ලෙස වසර තුනක කාලයක් කටයුතු කළ හෙතෙම, වසර හයක කාලයක් රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම, ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ උසස් අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති දෙකක නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙසත් (2005 නොවැම්බර් සිට 2011 ජූනි දක්වා), ලෝක බැංකු ආධාර යටතේ ම ක්‍රියාත්මක වූ පාසල් අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘතියක අධ්‍යක්‍ෂවරයා ලෙසත් (2011 ජූනි සිට 2015 දෙසැම්බර් දක්වා) කටයුතු කර ඇත.

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, 2017 පෙබරවාරි මාසයේ සිට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය.

පුනර්ජනනීය බලශක්තීන්, පාරිසරික රසායන විද්‍යාව, විද්‍යා අධ්‍යාපනය, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය යන ක්‍ෂේත්‍ර යටතේ පර්යේෂණ කටයුතුවල නිරත මහාචාර්ය රත්නසේකර, 2016 වසරේ ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකා වෙනුවෙන් පිරිනමන ජනාධිපති සම්මානයක් ද, 2017 වසරේ ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකා සඳහා වූ ජාතික විද්‍යා පදනමේ කුසලතා සම්මානයක් ද හිමිකරගෙන තිබේ.

Share69Tweet43
Previous Post

අද දවසට කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි… මුලු මරණ ගණන 29යි…

Next Post

දූෂණ චෝදනා ලැබූ නාරා අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉවතට…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.