ඌරුමස් ඉල්ලා නුවරඑළිය පොලිස් බංගලාවේදී පොලිස් නිලධාරියෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයාව බේරා ගැනීමට මේ වන විට ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මෙහෙයුමක් දියත්කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ සුදු පුතා යැයි කුප්‍රකට උසස් පොලිස් නිලධාරියා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාව බේරා ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට ලිපියක් සකස්කර ඇති අතර ඊට පොලීසියේ ඉහළම නිලධාරියෙකුගේ අත්සනද දමා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. නීතිපති දෙපාර්තමේන්තුවට එය රැගෙන යාමේ කටයුත්ත පැවරී ඇත්තේ කුප්‍රකට කලු පුතාටය.
නියෝජ්‍ය පොලිස්පතිවරයාව බේරා ගැනීමට මේ තරම් උනන්දුවක් මේ නිලධාරීන්ට ඇතිවී ඇත්තේ ඇයි දැයි පැහැදිලි නැතැයි පොලීසියේම තොරතුරු අනාවරණය කළේය.
උරුමස් ඩී.අයි.ජී. ගැන වාර්තාවන පැටිකිරිය මෙසේය.
ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට උපාධියක් සහිතව එක්ව ඇති මේ නිලධාරියා කාලයක් හම්බන්තොට පැත්තේ සේවයේ නිරතව සිට ඇත. එහිදී මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණු අතර ඒ ගැන විමර්ශනයක් ද පවත්වා චෝදනා පත්‍ර පවා ලබාදී තිබුණි.
මේ ආකාරයට ඔහු සේවයේ නිරතව සිටි සෑම පැත්තකදීම ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ලවූ අතර ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලනයේ ආශිර්වාදයෙන් ඒ සෑම චෝදනාවකින්ම ඔහුට නිදහස ලැබිනි.
මෙවරත් මේ සිදුවන්නේ එවැන්නක්දැයි පොලිස් නිලධාරීන් අතර දැඩි කථාබහක් පවතින අතර ඉහළ නිලධාරීන්ට එක නීතියක් පහළ නිලධාරීන්ට තවත් නීතියක් ඇයි දැයි පොලීසියේ නිලධාරීන් අතර දැඩි කතාබහක්ද මේ වන විට පවතී.