මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් හෙට (27) දිනය, 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම්දෙයි.
අද (26) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර ඒ බව පැවසීය.
“ඒ දින 3ට නියමිත විභාගය දෙසැම්බර් 21,22,23 කියන දිනවල අපි පවත්වන්නට කටයුතු කරනවා. එහි කාලසටහන ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.”
“සෙනසුරාදා දින සිට නැවත විභාගය නියමිත පරිදි පැවැත්වෙනවා. එහිදී විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග කාලසටහන අනුවම විභාගය පැවැත්වෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.”







