අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර ජාතික සුරක්ෂිතාව අනතුරේ හෙළන හැටි විද්වත්හු හෙළි කරති…

Soil scientist Dr Warshi Dandeniya

by editor
සැප්තැම්බර් 24, 2021
in පුවත්
Dr-Warshi-Dandeniya

ආචාර්ය වර්ශි දන්දෙණිය

Share on FacebookShare on Twitter

ක්ෂුද්‍රජීවීන් ඇතැයි තහවුරු වී ඇති චීන   කාබනික පොහොර   ආනයනය කිරීමේ අවදානම ගෙන ජාතියක ආක්ෂාව බඳු ආහාර සුරක්ෂිත තාවය ව්‍යසනයට පත් කිරීමේ අපරාධය සිදු නොකර මේ සඳහා ආයෝජනය කළ ඩොලර් මිලියන 63 පුනරාවර්තනය කිරීමට නොහැකි නම් ගඟේ මුහුදේ දැම්මා කියා හිතන ලෙසත් මේ පොහොර හරහා එනු ඇතැයි උපකල්පිත ලෙඩ රෝග වෙනුවෙන් මේ රටට අනාගතයේ දී දැරීමට සිදුවන පිරිවැය  ඩොලර් මිලියන  දහස් ගණනක් වනු ඇති බවත් පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ  පාංශු විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වර්ශි දන්දෙනිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ සිරස මාවත වැඩසටහනට එක් වෙමිනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාත් සහභාගී වූ මෙම සංවාදයේ දී  ඇය මෙසේ ද කීවාය.

ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා… රටේ ප්‍රමිතියට පටහැනියි

“පරීක්ෂණාගාර දෙකක ක්ෂුද්‍රජීවී ඛාණ්ඩ දෙකක් සඳහා කළ පරීක්ෂණ වාර්තා දෙකක් ඉදිරිපත් කරනවා.  ඒ පරීක්ෂණ වාර්තා දෙකෙන් පෙන්වා දෙන්නේ ඒ පරීක්ෂණයට ලක් කළ ඉලක්කගත ක්ෂුද්‍ර ජීවීන් ඇති බව හෝ නැති බව පමණයි. එහෙත් ඉන් තහවුරු කරන්නෙ නෑ අනේක දීලිර බැක්ටීරියා හෝ වෛරස මේ සාම්පලවල නෑ කියලා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කෙසේ වෙතත් මේ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වන එක් කාරණාවක් තියනවා. මේ දෙකෙන්ම පැහැදිලිව කියනවා මේ සාම්පලවල ක්ෂුද්‍රජීවීන් ඉන්නවා කියලා.“

“එහෙනම් කාබනික පොහොර ආනයනයේ දී අපි අනුදත් ප්‍රමිතියට එය විරුද්ධයි. අපේ ප්‍රමිතිය ඇතුළෙ කිසිම ජීවී ද්‍රව්‍යයක් ජීවියෙක් සහිත කාබනික පොහොරක් රට තුළට ගේන්න බෑ. “

ලෝකයේ කොහෙවත් මෙහෙම නෑ….

“අපි පිටරටකට ගිය පසුව ගොවිපලක ඇවිදලා තියනවා කියලා අපි කිව්වොත් අපේ පා වහන්වල පතුල් සෝදලා තමයි රට ඇතුළට ගන්නේ. එහෙම කරන්නෙ රට තුළට අහිතකර ශුද්‍රජීවියෙක් හෝ ශාක ද්‍රව්‍යයයක්   ඇතුළුවේවි කියන අවදානමින් වළකින්න. එහෙම කරන්නෙ ඒ මිනිස්සු තමන්ගෙ භූමිය සම්බන්ධව ඒ තරමටම සැලකිලිමත් සහ වගකීම් සහිත නිසා.“

“ ඒත්  අපි මේ කරන්න යන්නෙ මොනවද?. ක්ෂුද්‍ර ජීවීන් සහිතයි කියන පොහොර රට තුළට ගන්න හදනවා. ගේන පොහොරෙ අහිතකර ක්ෂුද්‍රජීවීන් නෑ කියනවා.  එහෙම කියන්නෙ කොහොම ද?. ක්ෂුද්‍රජීවීන්ගෙ හැසිරීම රඳා පවතින්නෙ ඒ ඒ පරිසර පද්ධතිවල ස්වරූපය මත. ඔවුන් ව්‍යාධි ජනකද නැද්ද කියලා කලින් පේන කියන්න බෑ. හොඳම දේ එහෙම අවදානමක් තියනවා කියලා හිතෙනවා නම් ඒ බිහිසුණු අවදානම නොගෙන ඉන්න එක.  ඇයි අපි සල්ලි දීලා ලෙඩ දාගන්නෙ.“

රටක් කියන්නෙ මොන්ටිසෝරි පන්තියක් නෙමෙයි!

“ මෙතන තියෙන්නෙ සංකල්පයේ වැරැද්දක් නෙමෙයි. අපි අන්තිමට හිරවෙලා ඉන්නෙ තීරණ ගැනීමේ වැරැද්දක් නිසා. ජනාධිපති තුමා මේ තීන්දුව ගන්න  ඇත්තේ අපේ රටේ මිනිස්සුන්ට බලපෑමක් නොකර යමක් සාර්ථක කරගන්න බැරි නිසා වෙන්න ඇති. එහි යහපත් ප්‍රතිඵල ගොඩක් තියනවා. මිනිස්සු කාබනික වගාවට හුරු වෙලා ඉන්නවා. වැඩක් කරගන්න අපේ මිනිස්සුන්ට බල කිරීම් කරන්න ඕන තමයි.   නමුත් රටක් කියන්නෙ මොන්ටිසෝරි පන්තියක් නෙමෙයි. අපට වගකීමක් තියනවා පුලුවන් තැන්වල යෝජිත විදිහට කරලා බැරි අවස්ථා කලමනාකරණය කරගන්න “

එක වැරැද්දකට උත්තර හොයන්නෙ වැරදි දාහකින්  

“ අපි මේ සෙල්ලම් කරන්නෙ රටේ ආහාර සුරක්ෂිතතාවය එක්ක. ඒ කියන්නෙ රටක ජාතික සුරක්ෂිතතාවය එක්ක. අපේ රට අතිශය සංවේදී පරිසර පද්ධති  ගණනාවක් හා අති විශාල ජෛව විවිධත්වයක් සහිත රටක්.  මේ සමස්ථය විනාශ කරමින් සල්ලි දීලා දාගන්න ලෙඩවලට චීනෙන්ම බෙහෙත් ගේනව ද?. අස්වැන්න විනාශ වුනාම ආහාර ටික ගේන්නෙත් චීනෙන් ද?.“

අපිට අතීත ආදර්ශ තියනවා. එක මාසෙන් මේ රටේ කෝපි වගාව විනාශ වුනේ දිලීරයක් නිසා.  බිබිලෙ දොඩම් වගාවට උනේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. “

මේ මරණීය අවදානම ගන්න එපා…

එක රැයකින් කාබනික සිහිනයකට පනින්නෙ නැතිව පියවරින් පියවර ගියා නම් අපිට මෙය සාර්ථක කරගන්න තිබුණා.  මේ අවදානම අපි ගන්න ඕන නෑ.. “

“ මගෙ පුද්ගලික මතය මේකයි.  පොඩි හරි අවදානමක් තියනවා නම් මේ ගේන පොහොරවල ජීවීන් ඉන්නවා මේ රටට මේ පොහොර ගන්න එපා. ඔබ කියනවා නම් මේ පොහොර තාවකාලිකව ගෙනෙන්නෙ කියලා ඒ හරහා වෙන විනාශය තාවකාලික නෑ. ඒ විනාශය සදාකාලිකයි.“

“අපි මේ ලෙඩේ ගෙනත් දාගන්නෙ පරම්පරා ගණනාවකට. දැන් අපි ඩොලර් මිලිය 63ක් නම් අපි මේ මෙට්‍රික් ටොන් අනූ නව දාහ ගේන්න වියදම් කරන්නේ මෙතනින් අපි ගේන ප්‍රශ්න ගොඩ විසඳන්න ඩොලර් මිලියන දාහකට බැරි වේවි. “

“මේ පොහොර ගේන්න යන ඩොලර් මිලිය 63 පුනරාවර්තනය කරන්ගන්න බැරි වියදමක් නම්   ගඟේ මුහුදෙ දැම්මා කියලා හිතමු. අස්වැන්න අඩු වීමට මුහුණ දෙමු. තියන පොහොර ටිකෙන් මේ වැඩේ කරමු. “

මේක මරණීය අවදානමක් ඒ අවදානම ගන්න එපා.

ජනාධිපතිවරයාගේ උපදෙස් නිසි පරිදි ප්‍රායෝගීක කිරීමට අසමත් අතාර්කික දේශපාලකයින් හා නිලධාරීන් රටට කරන්නට හදන  බිහිසුණු අපරාධය සම්බන්ධව අතිශය තාර්කිකව හා විද්‍යානුකූලව ජනතාව දැනුම්වත් කිරීමේ අවස්ථාවක් නිර්මාණය කළ මෙම වැඩසටහන විද්වත් දායකත්වය සපයමින්  පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය චන්දි රාජපක්ෂ, පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා,  පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ  පාංශු විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය   චම්මි අත්තනායක සහභාගී වූහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහබැංකුවේ ආනයන සීමා ප්‍රතිපත්තිය වැරදි යයි ජනපති ලේකම් පීබී කියයි

Next Post

“යකඩ මිනිසා“ නිසා සී.අයි.ඩියට කැඳවූ චම්පිකගෙන් පැය තුනක ප්‍රකාශයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.