ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර සඳහා එහි පාලක සභාව මගින් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරා යැවූ මහාචාර්යවරුන් තිදෙනාගේම නම් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය ප්‍රකාශ කළේය.
එම විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර මහාචාර්යවරුන් තිදෙනෙක් තෝරාගෙන තිබුණේ පාලක සභාව මගින් අයදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂා කර කරන ලද විධිමත් ක්‍රියාවලියකින් අනතුරුවය. අනතුරුව එම නම් තුන ජනාධිපති කාර්යාලය වෙත යොමු කර ඇත්තේ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහාය.
උප කුලපතිවරයකු තෝරාපත් කිරීමේ නිසි ක්‍රමවේදය අනුගමනය කර මහාචාර්යවරුන්ගේ නම් තුනක් යැවූ විට එම නම් තුනම ප්‍රතික්ෂේප කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් එයට තමන් විරෝධය පල කරන බවත් විවෘත විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය ඇන්ටන් ජයරත්න මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
– ලංකාදීප –