සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධ ගැටලු විසඳන්න රජය කටයුතු කරන්නේ සංහිඳියාව ආරක්ෂා කරගෙන… ඇමති කියයි!

by editor
මාර්තු 17, 2025
in පුවත්
SUNI-SENAVI
Share on FacebookShare on Twitter

යාපනය ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ ආගමික ස්ථාන සම්බන්ධව මතුවෙමින් ඇති ගැටලු ඉතාම ඉවසීමෙන් සහ සංහිඳියාවෙන් විසඳා ගැනීම සඳහා රජය කටයුතු කරන බව කී බුද්ධ ශාසන ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවයෙක් මතුකළ වාර්ගික වෛරය ඇතිවන ආකාරයට මේ රජය උතුරු පළාතේ කටයුතු කිරීම සම්බන්ධව කෙරෙන චෝදනාව සපුරා ප්‍රතික්ෂේප කරන බව අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ කාරකසභා විවාදයේ දී උතුරේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. යාපනයේ තිස්ස විහාරය, මුලතිවු කුරුන්දි විහාරය, වඩිනාගල විහාරය ඇතුළු උතුරේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව මතු කළ කරුණු සම්බන්ධව පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“යාපනයේ තිස්සතිස්ස විහාර තුනක් දකින්න පුලුවන් යාපනය ප්‍රදේශයේ. වලිකමාම් උතුරු ප්‍රදේශයේ එකක්. ඒ තිස්ස විහාරයේ තයිඅඩි ප්‍රදේශයේ තිස්ස විහාරය කැණීමකට ලක් කළා. එතන තියන ගැටලු කීපයක්ම මතුවෙන්නේ ඉඩම් නිරවුල් කරගැනීම සම්බන්ධව. බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉඩම් පවරා ගැනීමක් කරගන්න බලතල නෑ.”

“නමුත් අපි දන්නවා මේ ප්‍රදේශවල තිියන ගැටලු ඉතාම සංහිඳියාවෙන් ඉවසීමෙන් පරීක්ෂා කරලා විසඳන්න ඕන බව. අපේ එක් මන්ත්‍රීවරයෙක් කිව්වා සුළුතර ජනතාවගේ වෛරය ඇතිවන විදිහෙ වැඩ සිදුවන බව තවමත්. අප ඒ කාරණය නම් ප්‍රතික්ෂේප කිරීමක් කරන්න ඕන. අප මෙවර අයවැයෙන් සෑහෙන බරතැබීමක් තියලා තියනවා උතුරුකරයේ සංවර්ධනයට. ජාතීන් අතර සංහිඳියාවට. ”

“පුරාවිද්‍යා මැදිහත්වීම්වලදි අකටයුත්තක් සිදුවන බව දන්වලා තිබුණා. අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වුනා. එතනදි විශේෂයෙන්ම දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු නැගෙනහිර පළාතේ දි දෙමළ භාෂා දැනුම සහ කතාකරන නිලධාරීන් 81 දෙනෙක් සේවය කරන බව වාර්තා වුනා. පුරප්පාඩු සඳහා දෙමළ භාෂාවෙන් සේවය කළ හැකි නිලධාරීන් බඳවා ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැන ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කරන බවත්, ඒ ජනතාවගේ බාධාවක් නොවන ආකාරයේ වැඩපිළිවෙළක් එම ස්ථාන මුල් කරගෙන සිදුකරන බවත් ජනාධිපතිවරයා දැන්වූවා.”

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

“කුරුන්දි විහාරය ගැන මතු කරපු කරුණු ගැන කියන්නට  ඕන. මේ පිළිබඳව ඇතිවුන ගැටලුව පිළිබඳ ගැඹුරු අවධානයක් ලක් කරලා තියනවා. මේ පිළිබඳව විද්වත් කමිටුවක් පත් කරලා තියනවා. මේ තත්ත්වය සමතයට පත් කරන තුරු කුරුන්දි ප්‍රදේශයේ ගවේෂණයට පුරාවිද්‍යා නිලධාරීන් යොදවා නැති බව කියන්න ඕන.”

“එමෙන්ම වඩිනාගල ප්‍රදේශයේ තියෙන ගැටලුවේ දි දෙපාර්තමේන්තුව අනුමත කර ඇති නිර්දේශ ඉක්මවා පුද්ගලයින් ක්‍රියා කිරිම තමයි මේ කාරණයටත් හේතු වෙලා තියෙන්නේ. ”

“අවසන් වශයෙන් හින්දු කෝවිල සම්බන්ධව මතු කළ ප්‍රශ්නයට… මිලියන 35ක් යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කොට තිබෙන බව මතක් කරන්න ඕන. හින්දු සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවේ තියනවා රුපියල් මිලියන 42ක්. ඒ අරමුදලේ පොලියෙන් අවශ්‍ය සංවර්ධන කටයුතුවලට මුදල් යොමු කරනවා. ඒ සඳහා හින්දු කටයුතු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරන්න. ”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 අනුරාධපුර රෝහලේ හිටපු අතිරේක අධ්‍යක්ෂ දුලාන් සමරවීර ස්ථාන මාරුව පිළිනොගෙන නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේ වැඩ කරන්න පටන් අරන්…

Next Post

පාර්ලිමේන්තුව කියන තරම් උත්තරීතර නැති හැටි… රෝහිත සරෝජාට සුපිරි උපදෙසක් දෙයි…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.