දිනසේන රතුගමගේ –
මුලතිව් ප්‍රදේශයේ විශාල කොටසක හා යාපනය විශ්ව විද්‍යාලයේ තවත් කොටසක ආරක්ෂාව 23 දා සිට දැඩි කොට තිබේ.
මහවිරු උළෙල සැමරීම සඳහා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශය හා යාපනය විශ්වවිද්‍යාලය තෝරා ගැනීම නිසා ආරක්ෂක අංශ මේ අන්දමට එම ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කොට තිබේ.
මුලතිව් ප්‍රදේශයේ හදිසි මුරපොලවල් පිහිටුවා ඇති අතර සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම ආරම්භ කොට තිබේ.
මේ අතර කෝපායි පොලීසිය විසින් යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ මහවිරු උළෙල පැවැත්වීම තහනම් කරමින් යාපනය අධිකරණයෙන් 22 දා තහනම් නියෝගයක් ලබා ගෙන තිබේ.
අධිකරණ නියෝග කඩ කරමින් මහවිරු උළෙල පවත්වන ඕනෑම තරාතිරමක අයෙකු අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව උතුරේ ආරක්ෂක අංශ ප්‍රධානීන් දැණුම් දී තිබේ.