අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු මැද වාහන වෙන්දේසිය ගැන බොරු කී දයාසිරිට එරෙහිව උතුරු පළාත් සභාව නඩු යන්න හදයි!

by editor
ජූනි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උතුරුමැද පළාත් සභාව වංචා සහගත ලෙස වාහන වෙන්දේසියක් පවත්වා රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බවත් කෝටි තුනකට වඩා වටිනාකමින් යුත් බීඑම්ඩබ්ලියු රථයක් ලක්ෂ 55කට අලෙවි කර ඇති බවත් කියමින් සාහසික බොරු චෝදනා එල්ල කළ දයාසිරි ජයසේකරට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව උතුරුමැද පළාත් සභාව පවසයි.

BMW x-5 රථයක්, මිට්ෂුබිෂි ප්‍රාඩෝ රථ 03ක් ඇතුළු වාහන 12ක් අලෙවි කර උතුරුමැද පළාත් සභාව විසින් උපයාගෙන ඇත්තේ ලක්ෂ 280ක් පමණක් බව කියමින් දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවක් කැඳවා ඊයේ ප්‍රශ්න කරනු ලැබුවේ මේ තිබුණේ වෙන්දේසියක් ද, නොඑසේ නම් දන්සැලක් ද යන්න පැහැදිලි නැති බවය.

දයාසිරි ජයසේකර පිළිතුරු දෙමින් අද උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මාධ්‍ය හමුවක් කැඳවා මේ රථ වෙන්දේසිය ගැන පළාත් සභාව පාර්ශවයෙන් අදාල පැහැදිලිකිරීම සිදුකළේය.

“උතුරුමැද පළාත් සභාවේ වාහන කීපයක් සම්බන්ධයෙන් මාර්තු 30 වැනිදා පුවත්පත් තුනක දැන්වීම් ප්‍රසිද්ධ කළා විවෘත ටෙන්ඩර් කැඳවීමකට. ඒ ටෙන්ටර් දැන්වීම යටතේ මේ වනවිට
විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනයවන BMW x-5 වර්ගයේ මෝටර් රථය තිබුණා.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මේ මෝටර් රථය 2014 වසරේ නිශ්පාදනය කරන ලද රථයක්. පසුගිය අවුරුදු හතර පුරාවටම මේ පලාත් සභාවෙ තිබුණ බවට වාර්තා නෑ. මේ පළාත් සභාවේ කිසි කෙනෙක් ප්‍රයෝජනයට ගත් බවක් හෝ එය භාවිතා කළ බවට වාර්තා නෑ.

කෙසේ වුවත් පසුගිය පරිපාලනය අවසන් වූ වහාම මේ වාහනය මේ පරිශ්‍රයේ ගාල් කරලා තියනවා. කවුරු විසින් එම වාහනය එතෙක් පාවිච්චි කළාද කියන එක එම නිලධාරීන් දන්නේ නෑ. ඒ වනවිට ඔය කිසි කෙනෙක් ඒ ගැන විමසීමක් කරන වගක්වත් වාර්තා වෙලා නෑ.

එය ඉතාම අබන් තත්ත්වයේ තිබුණේ. රථයේ තක්සේරු වටිනාකම තිබුණෙ ලක්ෂ 198යි. අපේ ටෙන්ඩරය ප්‍රධානය කරන්න තීරණය කරලා තියෙන්නෙ ලක්ෂ 218කට. සියලු වාහනවල තක්සේරු වටිනාකම ලක්ෂ 912යි.

නමුත් අපි ලක්ෂ 1136ක් අපි ආදායම ලබනවා ඒ ටෙන්ඩර් පටිපාටිය අනුව නිශ්කාශනය කරලා. දැන් මේ කරන්නේ පදනම් විරහිත අභූත චෝදනාවක් නිසා ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නැවතත් දැන් අපි කටයුතු කරමින් ඉන්නවා.

ඔවුන් එහෙම කියනවා නම් ඔවුන්ට පුලුවන් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න.”

ආණ්ඩුකාරවරයා එසේ පවසද්දී මෙම වාහනය මිලදී ගත් අශෝක පස්යාල නැමැති ව්‍යාපාරිකයෙක් පැවසුවේ දයාසිරි ජයසේකර කරගෙන යන අසත්‍ය ප්‍රකාශය නිසා තමන් ව්‍යාපාරිකයෙක් ලෙස බරපතල අගතියකට පත් වී ඇති බවය. ඔහු පවසන්නේ 2014 වර්ෂයේ නිශ්පාදිත මෙම රථයේ වෙළෙඳපල වටිනාකම කෝටි තුනක් පමණ බවත් තමන් රථයේ තත්ත්ව පරික්ෂාවෙන් අනතුරුව ඉදිරිපත් කළ ටෙන්ඩර් මාර්ගයෙන් රථය මිලදී ගන්නේ දෙකෝටි දහ අට ලකෂ හැත්තෑ අට දහසකට බවය. දයාසිරි ජයසේකරගේ ප්‍රකාශය හේතුවෙන් තමන් මුදල් යට කළ වාහනය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් දැන් උද්ගත වී ඇතැයි ව්‍යාපාරිකයා කීවේ.ය

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල 11 දක්වා රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුව අද යළි රැස් වෙයි…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.