කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත්කරණය කිරීම අද බ්‍රිතාන්‍යයේදී ආරම්භ වූ අතර පළමු එන්නත් ලාභියා වීමේ වාසනාව ලද්දේ වයස අවුරුදු 90ක් වයසැති උතුරු අයර්ලන්ත කාන්තාවකි. ෆිසර් සමහ බිටයොන්ටෙක් සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මෙම එන්නත ලද ඇය නමින් මාග්‍රට් කීනන්ය.
ඇය පවසා ඇත්තේ මෙම එන්නත පළමුවෙන් ලබන්නට හිමිකම් ලැබීම ඇයගේ ජීවිතයේ ලද භාග්‍යයක් බවය. පළමු අදියරේදී එන්නත් ලක්ෂ 08ක් ජනතාවට ලබා දිමට බ්‍රිතාන්‍යය සැලසුම් කර ඇත.