ලලිත් චාමින්ද –
උණවටුණ බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 27 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට අද (22) දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.
අද දින මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටින් 164 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 27 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.
මිට දින 03කට පමණ ඉහතදි වැඩිහිටි නිවසයේ සිටි පිරිමි අයෙකු මියගොස් තිබු අතර මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු විය.
ඒ අනුව වැඩිහිටි නිවාසයේ 164 දෙනෙකු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. මේ වනවිට කොවිඩි ආසාදිතයින් 27 දෙනා වැඩිහිටි නිවාසය තුළ වෙන්කොට නිරෝධායනයට ලක්කිරිමට කටයුතු කර ඇති අතර වැඩිහිටි නිවාසයට ඇතුල්විම හා පිටවිම තහනම්කොට ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.