උඩවළවේ ජාතික වනෝද්‍යානයේ සිටි අලි පැටවකු සොරා ගැනීමට ගත් උත්සාහයක් යුධ හමුදා සහ වනජීවී නිලධාරීන්ගේ සෝදිසිය හේතුවෙන් නූලෙන් වැලකී ගොස් තිබේ. ඊයේ රාත්‍රි ජාතික වනෝද්‍යානයේ මුර සංචාරයේ නිරත වූ යුධ හමුදා භට කණ්ඩායමකට වනය තුළ අනවසරයෙන් ගැවසුණු පුද්ගලයකු හමුවී ඇති අතර ඔහු අල්ලාගෙන පැමිණෙන අවස්ථාවේ විපරමින් පැමිණි හමුදා නිලධාරීන්ට ලණුවලින් ගසක බැඳ තිබූ වයස අවුරුදු 07ක් පමණ වන අලියකු ඇස ගැටී ඇත.
මේ පිළිබඳව ඊට අසන්නයේ ස්ථාපිත පනහටුව වනජීවී මුර කුටිය වෙත වාර්තා කොට අදාළ අලි පැටවා බේරා ගැනීමට ක්‍රියා කර ඇත. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණවලදී මෙම අලිපැටවා නිර්වින්දනයට කල් කළ ලකුණු පෙන්නුම් කර ඇති අතර නිර්වින්දය කිරීමෙන් පසුව අලියා අල්ලා බැඳ තබන්නට ඇති බවට විශ්වාස කරයි. කෙසේ වුවද මෙම අලි සොරකමට සංවිධානාත්මක පිරිසක් පැමිණි බවට තොරතුරු ලැබී තිබුණද ඊට සම්බන්ධ කවුද යන්න මෙතෙක් හෙළිව නැති බව වන ජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ප්‍රකාශයක් නිකුත් කළ අතර මෙම අලි සොරකම අල්ලා ගැනීම පිළිබඳව දියතලාව හමුදා කඳවුරේ සෙබළුන්ටත් වන ජීවී කාර්ය මණ්ඩලයට මෙන්ම වනජීවී අමාතයවරයාටද ඔහු ස්තූතිය පළ කරන බව ප්‍රකාශ කළේය.