බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊළඟ ධූර කාලයේත් ඉන්න මම කැමැතියි! ආවේ මාස දෙකෙන් යන්න නෙමෙයි

මහ බැංකු අධිපති බීබීසිය ට කියයි.

by Lankasara News
ජූනි 17, 2022
in පුවත්
Dr. P. Nandalal Weerasinghe
Share on FacebookShare on Twitter

ලබන මාසයෙන් ආරම්භ වන ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයාගේ නව ධූර කාලය සඳහා ද තමා සේවය කිරීමට ඇති කැමැත්ත මේ වන විට රජය වෙත දන්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

බීබීසි පුවත් සේවය සමඟ මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මහ බැංකු අධිපති ධූරයේ කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරි ධූර කාලයට පත් වූ ආචාර්ය වීරසිංහයන් එම වසර 6 ක ධූර කාලය මෙම මස අවසානයත් සමඟ අවසන් වෙන බැවින් ඉදිරි ධූර කාලයට පත්වෙන්නේ ද යන්න විමසූ අවස්ථාවේදී ය.

මහ බැංකු අධිපතිවරයෙකු වසර හයක ධූර කාලයක් සඳහා පත් කෙරෙන අතර 2016 ජූනි 30 වෙනිදා මෙවර ධූර කාලය ඇරඹිණි. ඒ සඳහා ප්‍රථමයෙන් පත් කෙරුණේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ය. ඔහු 2019 දෙසැම්බර් මාසයේ දී ඉල්ලා අස් වූ අතර නව රජයේ මහබැංකු අධිපතිවරයා ලෙස මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පත් විය. ඔහු ද අධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඉන්පසු 2021 සැප්තැම්බර් 15 වෙනිදා පත් වූයේ අජිත් නිවාඩ් කබ්රාල් ය. ඔහු ද 2022 අප්‍රේල් 04 වැනිදා ඉල්ලා අස් වූ අතර නන්දලාල් වීරසිංහ ඉන්පසු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් විය.

මම මේ ධූරයට පත්වන විට මට මාස දෙකක් පමණක් සේවය කරලා ආපහු යන්න හිතුවේ නෑ… එහෙම නම් මම මෙතෙන්ට එන්නෙත් නෑ.. මෙතන තිබෙන ප්‍රශ්නය අපිට මාස දෙකකින් විසඳිය හැකි එකක් නෙමෙයි.. මෙම ආර්ථික තත්ත්වය යහපත් වෙන්න කලින් අපිට තවත් අසීරු තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙයි… යනුවෙන් ද ආචාර්ය වීරසිංහ මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම පිළිබඳව ද බීබිසියට අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා එම අරමුදලින් මෙම වසර තුළ ඩොලර් බිලියන 5ක් අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබේ. අප මේ ගමන කලින් ගියා නම් මෙපමණ අසීරු තත්ත්වයකට පත් වන්නේ නැතුව විසඳුම් සොයා ගත හැකිව තිබූ බව ද එසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයෑම ශ්‍රී ලංකාවේ සිදු වූ අත්වැරැද්දක් බව ද සඳහන් කර ඇත.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවතැන් වූ බව කියා චන්න ජයසුමන සහ ශාන්ත බණ්ඩාර තම දරුවන් විශාඛා විද්‍යාලයේ 1 වසරට ඇතුළත් කරලා….

Next Post

ප්‍රශ්න විසඳෙනතුරු මාස 06ක්  ගුරුවරුන්ට ලඟම පාසල…  අධ්‍යාපන අමාත්‍යාංශය කියයි…

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.