ඊශ්‍රයාල සොල්දාදුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද හමාස් සටන්කාමීන් විසින් රඳවාගෙ සිටි ඊශ්‍රයාල ප්‍රාණ ඇපකරුවෙක් වූ 26 හැවිරිදි ඇලන් ෂම්රිස්ගේ අවමංගල්‍ය උත්සවය අද සිය ගණනකගේ සහභාගීත්වයෙන් සිදුවිය.
ඔහුගේ දේහය ටෙල් අවිව් අග නුවරට උතුරින් පිහිටි ෂෙෆායිම් කිබුට්ස් හි භූමිදාන කරන ලදී.
හමාස් සටන් කරුවන් ඔක්තොම්බර් මස 07 වැනිදා මෙම ප්‍රදේශයට වැදී පුද්ගලයින් 52ක් ඝානය කර තවත් පුද්ගලයින් 17 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගියේය.
ප්‍රාණ ඇපකරුවෙක් ලෙස දින 70ක් තිස්සේ ගාසා තීරයේ හමාස් සටන් කරුවන්ගේ ප්‍රාණ ඇපකරුවෙක් ලෙස දිවි ගලවාගෙන ජීවත්වූ ඇලස් ෂම්රිස් සහ තවත් දෙදෙනෙක් පසුගිය සිකුරාදා හමාස් ග්රහණයෙන් මිදී පලායද්දි මේ ආකාරයෙන් ඊශ්‍රයාල සොල්දාදුවන්ගේ වෙඩි පහරට ලක් ව ඝාතනය වී තිබිණි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව මේ වනවිට ඊශ්‍රයාල හමුදා අංශ මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සී.එන්.එන්. වාර්තා කර ඇත.
හමාස් සටන්කරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි මෙම පුද්ගලයින් තිදෙනාට ඊශ්‍රයාල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ යුද්ධයක දී පවතින නීති උල්ලංඝණය කරමින් බවත්, ඔවුන් සුදු කොඩි ඔසවා හමුදාව සිටි ප්‍රදේශය වෙත පැමිණෙන්නට සූදානම් වන අවස්ථාවේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බවත් සී.එන්.එන් වාර්තා කර ඇත.
සී.එන්.එන්. වෙත නිර්නාමිකව කතා කළ නිලධාරියෙක් පවසා ඇත්තේ ගාසා නගරයේ ෂෙජායියාහි හමුදා ස්ථානගත වි සිටි ස්ථානයට මීටර 10කට වඩා වැඩි දුරකින් පිහිටි ගොඩනැගිල්ලකින් තිදෙනා ෂර්ට් රහිතව සුදු කොඩි වනමින් මතු වූ බවය. .
අවම වශයෙන් එක් සොල්දාදුවෙකුට තර්ජනයක් දැනුණු අතර ඔහු වෙඩි තැබීමක් සිදු කළ බවත් ඉන් මිනිසුන් දෙදෙනෙකු වහාම මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලැබූ බවත් එම ප්‍රකාශකයා පවසා ඇත. තුවාල වූ තුන් වැන්නා නැවත ගොඩනැගිල්ල තුළට දිව ගොස් තිබේ. පසුව ඊශ්‍රායල ඒකකයට හෙබ්‍රෙව් භාෂාවෙන් උදව් ඉල්ලා කෑගැසීමක් ඇසුණු අතර, එම අවස්ථාවේදී අණදෙන නිලධාරියා වෙඩි තැබීම නතර කරන ලෙස තම හමුදාවන්ට නියෝග කර තිබිණි. කෙසේ වෙතත්, තවත් වෙඩි ප්‍රහාරයකින් පසු තුන්වන ප්‍රාණ ඇපකරුත් මිය ගොස් ඇත.
ඊශ්‍රයාල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසා ඇත්තේ ඊශ්‍රායල සොල්දාදුවන් ප්‍රාණ ඇපකරුවන් හමුදා වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා නොකළ බවය. ඔවුන් උපකල්පනය කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් ගොඩනැගිල්ලක හෝ උමං මාර්ගයක හෝ මාංචු දමා රඳවා ඇති බවටය.
සෙනසුරාදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ වැරදීමකින් මරා දැමූ ප්‍රාණ ඇපකරුවන් තිදෙනා ගැන ඊශ්‍රායල හමුදාවට බුද්ධි තොරතුරු නොතිබූ බවත්, මෙය අත් වැරදීමක් බවත්ය.
ඊශ්‍රයාල හමුදා පවසන්නේ ෂෙජායියා ප්‍රදේශයේ මෙතක් සටන් කළේ සිවිල් ඇඳුමින් සිට පහර දෙන, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන සටන්කරුවන් සමග බවය.