ඊජිප්තුවේ නගරයකට හිදිසියේ කඩා වැඳුනු ගෝනුස්සන්ගේ දෂ්ඨ කිරීමට ලක්ව පුද්ගලයින් තිදෙනෙකු මර්ණයට පත්ව ඇත.
මෙම ගෝනුස්සන් දෂ්ඨ කිරීම ඊජිප්තුවේ දකුණු දෙසින් පිහිටි අස්වාන් නගරයෙන් වාර්තා වන අතර පසුගිය දින වල පැවති අධික වර්ෂාපතනයත් සමඟ ගෝනුස්සන් විශාල වශයෙන් වීදි සහ නිවෙස්වලට ඇතුළු වන්නට ඇති බව විශ්වාස කරයි.
ගෝනුස්සන් දෂ්ඨ කිරීමත් සමඟ පුද්ගලයින් 450ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් ඇතැමෙකුගේ තත්ත්වය බරපතලවන බවත් එරට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසයි.
නයිල් නදිය ආසන්නව පිහිටා ඇති මෙම නගරයට වැසි සමයේදී ගෝනුස්සන් සහ සර්පයින් පැමිනුනත් මෙවැනි ගෝනුස්සන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ තලාතුරකින් බවද වාර්තාවේ.
කෙසේ වෙතත් සෞඛය අංශ විසින් අවට ගම්මානවලට අවශ්‍ය ඖෂධ මේවන විටත් නිකුත් කර ඇති බවත් එරට බලධාරීන් ප්‍රකාශ කරයි.
මේ අතර ජනතාවට ගෝනුස්සන් වැඩිවශයෙන් ගැවසෙන ස්ථාන වලට නොයන ලෙසත් හැකි තරම් නිවෙස්වලම රැදී සිටින ලෙසටද බලධාරීන් උපදෙස් දී තිබේ.
ලොව විසකුරුම ගෝනුස්සන් විශේෂ ඊජිප්තුවෙන් වාර්තාවන අතර ඇතැම් විශේෂ වල දෂ්ඨ කර පැය කිහිපයක් තුළ මරණයටද පත්විය හැක.