මනම්පිටිය නිමල් ජයරත්න –
අද (04) මාදුරුඔය අරලගංවිල අලුත්වැව ප්රදේශයෙන් ඉසඩ්.ඩී. ප්රධාන ඇළට වැටී සිටි වන අලි දෙදෙනෙකු පැය හයක මෙහෙයුමකින් අනතුරුව වනජීවී නිලධාරීන් සහ ප්රදේශවාසීන් විසින් ගොඩට ගෙන කුඩාවැව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.
අද අලුයම 1ට පමණ මෙම වන අලි දෙදෙනා අලුත්වැව ප්රදේශයෙන් ඉසඩ්.ඩි ප්රධාන ඇළට වැටී කිලෝමීටර් දෙකක් පමණ ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ඇළෙහි සොරොව්වක සිර වී සිටියදි විදුලි බලාගාරයේ සේවයකින් විසින් වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇත.
අනතුරුව වෙහෙරගල, වැලිකන්ද, මනම්පිටිය, වනජීවි කාර්යාල වල නිලධාරීන් පිරිසක් පැමිණ ටයර්, කඹ, කොට, ආධාරයෙන් අලි දෙදෙනා ගොඩ ගැනීමට විශාල උත්සාහයක් දැරූහ.
ඇළට වැටී සිටි අලින් වයස අවුරුදු 8 සහ අවුරුදු 15 අතර වූ බව වන ජීවීන් නිලධාරීහු සඳහන් කළහ.