තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ලැබීමත් හෙට (ඉරිදා) දිනයේ විදුලිය ඉල්ලුම අවම වීමත් හේතුකොටගෙන සැලසුම් කර තිබූ පැය 6ක විදුලිය කප්පාදුව පැයකුත් වනාඩි 40ක් දක්වා සීමා කිරීමට හැකි වූ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව සියලුම A සිට W දක්වා සියලුම කලාපවලට හෙට දිනයේ පස්වරු 5.30 සිට පස්වරු 10.30 දක්වා කාලය තුළ පැයකුත් විනාඩි 40ක කාලයක් පමණක් විදුලිය කැපීමට නියමිතය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි බල අමාත්‍යංශ ලේකම්වවරයා හෙට දිනයේ විදුලිය ජනනය සඳහා ලැබෙන ඉන්ධන පිළිබඳව ලිඛිතව තහවුරු කිරීමක් කල බය.
ඒ අනුව හෙට දිනයේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 12,000ක්ද අයි.ඕ.සී සමාගමෙන් ටොන් 6000ක් ද ලැබෙනු ඇති බවය.
ඊට අමතරව අප්‍රියෙල් මස 05, 06 සහ 07 වැනිදා තවත් ඩීසල් ටොන් 12,000ක් සහ 25,000ක් ලැබීමට නියමිත බව සභාපතිවරයා කීවේය.