ශ්‍රී ලංකාව බලා අද සිය නිල සංචාරය අරඹන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට ඉන්දීය ගුවන්තලය භාවිත කිරීමට අවසර දී තිබේ.
2019 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමෙරිකාව හා සවුදිය බලා ගිය නිල සංචාරය වෙනුවෙන් පාකිස්ථානය සිය ගුවන් කලාපය භාවිත කිරීමට අවසර දී නොතිබුණි.
ඒ කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංගනය කළේ යැයි චෝදනා කරමිනි.
ඉම්රාන් ඛාන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.