පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය අගමැති ධුරයේ බලතල සහ ශක්තිය යොදාගනිමින් මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීම නවත්වන ලෙස එරට මැතිවරණ කොමිසම අදාළ බලධාරීන්ට නියෝග කොට තිබේ.
මේ වනවිට පකිස්තානයේ කයිබර්පක්තුන්ක්වා පළාතේ ප්‍රාදේශීය මැතිවරණය අදියර වශයෙන් පැවැත්වෙයි.
එම පළාතේ ප්‍රදේශ කිහිපයක විවෘත කිරීමේ උත්සව ආදියට සමගාමීව අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වීමට නියමිත අතර ඒවා අගමැති බලය, සහ රජයේ සම්පත් යොදාගෙන සිදුකරනු ලබන බවට චෝදනා නැගී තිබේ.
එය මැතිවරණ නීතිවලට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් බැවින් ඒවා නැවැත්වීමට කටයුතු කරන ලෙස පකිස්තාන මැතිවරණ කොමිසම අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.