හදසි අවස්ථාවකදී වාහනයක් සොයා ගැනීමේ ගැටලුවක් ඇත්නම් අඩු අවදානම් සහිත ගර්භනී මව්වරුන් වුවද දරු ප්‍රසූතියට සති දෙකකට පෙර රෝහල් ගත වීමට වග බලා ගන්නැයිද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර් සනත් ලැනරෝල් සදහන් කරයි
එසේම දරු ප්‍රසූතිය සඳහා අනිවාර්යයෙන්ම ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරයෙකු සිටින රජයේ රෝහලක් වෙත පැමිණීමට කටයුතු කරන්නැයි සියලුම ගර්භනී මව්වරුන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර් සනත් ලැනරෝල් විශේෂ ඉල්ලීමක් කරයි.
ගර්භනී මවකට යම් ගැටලුවක් ඇත්නම් තමාගේ නාරිවේද වෛද්‍යවරයාට කථා කර අවශ්‍ය උපදෙස් ලබා ගැනීම කළ හැකි යැයිද ඔහු සදහන් කරයි.
දකුණු ආසියාවේ මාතෘ මරණ සහ නව ජන්ම මරණ අඩුම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බැවින් ලබා ගත් මෙම ජයග්‍රහණය ගිලිහී යාමට ඉඩ නොදී එය රැකබලා ගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරන බවද හෙතෙම පෙන්වාදේ.