ඉන්දීය හමුදාවෙන් මැරූ යාපනය රෝහලේ 21දෙනා සිහි කෙරේ….

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය සාම සාධක හමුදාව යාපනයේ රැදී සිටි දිනවල ඔවුන්ගේ ප්‍රහාරයකට ලක්ව මියගිය යාපනය ශීක්ෂණ රෝහලේ සේවක සේවිකාවන් 21 දෙනෙකු සිහි කිරීම පිණිස පහන් දැල්වීමක් 21 දා රෝහලේදී පැවැත්වුණි.
යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම පැවති අතර එම සේවකයින් 21 දෙනා මියගොස් මේ 21 දාට වසර 33 ක් සැපිරී තිබුණි.
ඉන්දීය සාම සාධක හමුදාවට එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසකගේ ප්‍රහාරයක් එදින එල්ල වී තිබූ අතර එම ප්‍රහාරකයින් යාපනය ශීක්ෂණ රෝහල දෙසට දිව යාම නිසා ඉන්දීය සාම සාධක හමුදාව රෝහල් සේවකයින්ට ප්‍රහාරයක් එල්ල කොට තිබුණි.
ඒ 1987 ඔක්තෝබර් මස 21 වෙනිදා සවස් කාලයේදීය.

Exit mobile version