ඉන්දීය සමාගම් එක්ක බාල බෙහෙත් ජාවාරම් කළ කෙහෙළිය සහ ඖෂධ නියාමනයේ සැකකරුවන් වෙනුවෙන් නීතිපති නෑ…

In the petition filed against Keheliya Rambukwella and the suspects of the NMRA by Transparency International

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය ඖෂධ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ට්‍රාන්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හා  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සැකකරුවන් ඇතුළු වගඋත්තර කරුවන් වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව  ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ට්‍රාන්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය ගොනු කර ඇති පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන්  එසේ දැනුම් දී ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරුන්වන  ගාමිණී අමරසේකර, සහ ඒ.එච්.එම්.බී. නවාස් ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග වූයේය.

ඖෂධ මිලදි ගැනිමේ ක්‍රියා පටිපාටිය හා ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වගඋත්තරකාර ඉන්දීයානු සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය තිරණය කර ඇති බවත් එම තීරණය හේතුවෙන් රටේ ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක්  එල්ලවනවා මෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතවන බවත් පෙන්වා දෙන පෙත්සම්කාර ට්‍රාන්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය මෙම තත්ත්වය හේතුවෙන් අදාළ සමාගම්වලින් ඖෂධ මලදී ගැනිමට අමාත්‍ය මණඩලය ගත් තිරණය බල රහිත කරන්නැයි ඉල්ලා සිටී.


පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් කරුණු දක්වමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව අධිකරණයට දැනුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන ජූනි මස 14 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.  – ලංකාදීප

Exit mobile version