දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් විසින් යාපනයේ වඩමරච්චි ධීවරයින්ගේ රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා දැල් කැපීමේ සිද්ධියකට විරෝධය පලකරමින් වඩමරච්චි ධීවරයෝ අද ( 1 ) මුහුදු යාමෙන් වැළකී විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.
ඉන්දීය ටෝලර් යාත්‍රා වලින් පැමිණි ඉන්දීය ධීවරයින් විසින් කපන ලද දැල් වල ඉතිරි කොටස් 31 දා රාත්‍රියේ ගිනි තබා විනාශ කළ වඩමරච්චි ධීවරයෝ පසුව මෙම විරෝධතාවය දියත් කළහ.
විරෝධතාවය අවසානයේදී මේ පිළිබදව සාකච්ඡා කිරීමට වඩමරච්චි ධීවරයන් යාපනයේදී ධීවර අමාත්‍යවරයා හමු වීමට බලාපොරොත්තු වන බව වඩමරච්චි එක්සත් ධීවර සමීති සංගමය ප්‍රකාශ කරයි.