ඉන්දීය ධීවරය යාත්‍රා වළක්වන්න කරන නාවික හමුදා මෙහෙයුම් සාර්ථකයි…

දිනසේන රතුගමගේ –

නාවික හමුදාව උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමත් සමගම ඉන්දියාවේ සිට උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණෙන ටෝලර් යාත්‍රා සංඛ්‍යාව මේ සතියේදි ඉතා සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති බව නාවික හමුදාව පවසයි.

ඉන්දියාවේ සිට පැමිණෙන ධීවරයින් සමග කොරෝනා රෝගීන් පැමිණිය හැකි නිසා එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග වලදී නාවික හමුදාවට ඉන්දීය ටෝලර් යාත්‍රා පැමිණීම අවම කිරීමේ වගකීම පැවරුණි.

නාවික හමුදාව පෙරට වඩා උතුරු මුහුදේ ආරක්ෂාව දැඩි කොට ඉන්දියාවේ රාමේස්වරන් හරහා උතුරු පළාතට පැමිණෙන ඉන්දීය යාත්‍රා ප්‍රමාණය සීමා කොට ඇති අතර විශේෂයෙන්ම රාත්‍රී කාලයේ සිදු කෙරෙන මුර සංචාර වැඩි කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉන්දියාවේ රාමේස්වරන් ධනුස්කොඩි වහකෝට්ටේ තූත්තුකුඩිය  යන මුහුදු ප්‍රදේශවලින් මේ සතියේදී උතුරු මුහුදු සීමාවට පැමිණ ඇත්තේ ඉතාම අඩු යාත්‍රා සංඛ්‍යාවකි.

Exit mobile version