අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දෝවාල් අගමැති මහින්ද හමුවෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අභියෝගයට ලක් වූ දකුනු ආසියානු කලාපයේ ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනය කරා ගමන් කිරීමේ ක්‍රමෝපායන් සොයා ගැනීම සඳහා මූලිකත්වය ගන්නැයි අද මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අද දින ශ්‍රි ලංකාවට පැමිණි අතර ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විජේරාම නිල නිවසේදී හමුවිය.

ප්‍රථමයෙන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා විසින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ සුබ පැතුම් පණිවිඩයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා වෙත එක් කළේය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව බොහොමයක් රටවල් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට කලාපයේ සෙසු රටවල්වලට ද මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ හෙතෙම, වසංගත තත්ත්වය යටතේ වුවත් කලාපයේ රටවල ආර්ථික, සමාජීය සංවර්ධනය ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව ඇති බව පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම කොවිඩ්-19 වසංගතය තත්ත්වයන් හමුවේ රටවල් අතර සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදු කිරීමට වැඩි වශයෙන් සිදුව ඇත්තේ අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ බවද අජිත් දෝවාල් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුලු මෙම කලාපයේ රටවලට ද විදේශ ශ්‍රමිකයින් නිසාවෙන් විශාල ආර්ථික ශක්තියක් ලැබුණ ද, වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ රැකියා අහිමිවීමත්, සිය රටවලට ශ්‍රමිකයින් පැමිණීමත් නිසා සෑම රටකටම ලැබුණු විදේශ විනිමය අවම වී ඇති බව අජිත් දෝවාල් මහතා පෙන්වා දුන්නේය.

ඒ සඳහා ඉන්දියානු රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව පැවසූ අජිත් දෝවාල් මහතා, කොවිඩ්-19 තත්ත්වය යටතේ වුවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කලාපයේ සෙසු රටවල සංවර්ධනය යළි ගොඩනැගිය යුතු බව ද ප්‍රකාශ කළේය.

ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශවල නිවාස යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එවන් නිවාස යෝජනා ව්‍යාපෘති දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට ද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබා දෙන බව ශ්‍රී අජිත් දෝවාල් මහතා පැවසීය.

එසේම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ මඟ පෙන්වීම යටතේ නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉන්දියාවේ ආරම්භ කර ඇති පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කරමින්, එම තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ ජල යෝජනා ක්‍රම ආරම්භ කිරීම සඳහා මෙම හමුවේදී එකඟතාව පළ විය.

මේ පිළිබඳව ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙස ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු එක්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානි IDH රෝහලට මාරු කරයි

Next Post

සමෘද්ධි අරමුදලින් මිලියන 380ක් පසුගිය රජය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට අරන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.