ඉන්දියා- සර්බියා වෙළඳාම හා ආයෝජන සඳහා ඇති විශාල විභවය අවධාරණය කරමින් ඉන්දීය ජනාධිපතිනි දේරාපාදි මුර්මු සඳහන් කළේ දෙරට අතර ඇති ආර්ථික හවුල්කාරීත්වයෙන් ප්‍රයෝජන ගත යුතු බවයි.
ජනාධිපතිවරිය මේ බව සඳහන් කළේ සිය් ද්වි ජාතික සංචාරයේ අවසන් අදියර ලෙසින් සර්බියාවේ බෙල්ග්‍රේඩ් හි පැවැත්වුණු ඉන්දියා – සර්බියා ව්‍යාපාරික සංසදය අමතමිනි.
නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ඇරඹි කාලයේ සිටම ඉන්දියාව හා සර්බියාව අතර සමීප මිත්‍ර සබඳතා පැවැති බවත් මෙය වැඩිදියුණු කරගෙන දෙරටේ වෙළද හා ආර්ථික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට දැන් කාලය එළඹ තිබෙන බවත් ඇය පවසා ඇත.
මෙහිදී ඉන්දියාවේ වර්ධන වන ඩිජිටල් හැකියාව පිළිබඳව ද අදහස් දැක් වූ ඇය ඩිජිටල් යටිතල ව්‍යුහයේ වේගවත් වර්ධනය සමඟින් තාක්ෂණික නවෝත්පාදනයන් සම්බන්ධයෙන් ද ඉන්දියාව ප්‍රමුඛස්ථානයට ගමන් කර ඇති බව සඳහන් කළාය.
‘එය පස්වන විශාලතම ආර්ථිකය වන අතර මෙම දශකය අවසන් වීමට පෙර තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙමින් තිබේ. මෝටර් රථ සහ ස්වයංක්‍රීය සංරචක අංශය, සෞඛ්‍ය ආරක්ෂණය, ඖෂධ සහ ජෛව තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, රෙදිපිළි සහ ඇඟලුම්, අභ්‍යවකාශය, තොරතුරු තාක්ෂණය, ටෙලිකොම්, ෆින්ටෙක් සහ මූල්‍ය සේවා යන ක්ෂේත්රවල අපි සැලකිය යුතු සාර්ථකත්වයක් දැක ඇත්තෙමු, ” ජනාධිපතිවරිය වැඩිදුරටත් පැවසූ බව ‘ද ස්ටේටස්මන්’ වාර්තා කර තිබේ.