අමායා උඩුවැරැල්ල –
රී ලංකාව, ඉන්දියාව සහ පැරිස් සමාජය සමඟ ණය සම්බන්ධ සැලැස්මක් පිළිබඳව කල සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම සැලැස්මේ හි ලබාගෙන ඇති ණය වසර හයක කාලයක් දක්වා අත්හිටුවීමකට සහ ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනුපාතය අඩු කිරීම ආදී කරුණු ඇතුළත්ව තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් 17ක් පසුගිය වසරේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවන් පහසු කිරීම සඳහා කමිටුවක් පිහිටුවාගෙන තිබෙනවා. චීනය ඉන් බැහැරව සිටීමට තීරණය කර තිබූ නමුත් කමිටුවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි රැස්වීම්වලට සහභාගී වී තිබෙනවා. මේ අතර අනෙකුත් ණය හිමියන් සමඟ එකඟ වූ කොන්දේසිවලට සාපේක්ෂව චීනයෙන් ලබා ගත් ණය ආපසු ගෙවීම සඳහා සාකච්ඡා කරන බවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් OCC වෙත සහතික වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන පුද්ගලික ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට එළඹීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තීරණාත්මක ඊළඟ පියවර වනු ඇති. 2022 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 50 කට ආසන්න විදේශ ණය පැහැර හැරීමෙන් පසු, ශ්‍රී ලංකාව එය ප්‍රකෘතිමත් කිරීමට ගැළපෙන ණය ප්‍රතිකාර සැලැස්මක් සකස් කිරීම සඳහා විවිධ ණය දෙන්නන් සමඟ සම්බන්ධ වී සිටින අතර ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ගනුදෙනු සඳහා සාකච්ඡා කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ද වාර්තා වනවා. මේ අතර 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු වූ මූල්‍ය කඩාවැටීමෙන් ගොඩ ඒම සඳහා පසුගිය වසරේ ලබාගත් ඩොලර් බිලියන 3 ක පැකේජයේ කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබා දෙන ආධාරයේ ඊළඟ වාරිකය ලැබීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ ප්‍රවේශයක් ලැබෙනු ඇති අතර, මෙතෙක් ලැබී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඩොලර් බිලියන 1 දක්වා ඉහළ යනු ඇති බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එමෙන්ම ණය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව සඳහන් කරමින් IMF නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසා කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව දක්වමින් කියා සිටියේ උද්ධමනය සීමා කිරීම, සංචිත සහතික කිරීම සහ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රශංසනීය ප්‍රතිඵල පෙන්වා ඇති බවයි.