ඉන්දීය රජය විසින් එරට ඉන්ධන මත පනවා තිබූ බදු පහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වන දැඩි විවේචන වලට මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම් පිළිතුරු ලබා දී තිබේ.
ඒ අනුව මෙම ඉන්ධන වලට පනවා තිබූ බද්ධ කපා හැරීමේ බර හුදෙක් රජය විසින්ම දරාගන්නා බවද සීතාරාම් ට්විටර් සටහන් කිහිපයක් මගින් පැහැදිලි කර ඇත.
ඇය මෙලෙස ට්විටර් සටහන් මඟින් මේබව පැහැදිලි කර ඇත්තේ පසුගියා ඉන්දීය රජය විසින් ඉන්ධන මත පනවා තිබූ සෙස් බද්ධ පහත හෙලීමට තීරණය කර තිබීම හේතුවෙනි.
මුදල් අමාත්‍යවරයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තෙ පෙට්‍රල් ලීටරයික් රුපියල් 8කින් ඩීසල් ලීටරයිකින් රුපියල් 6කින්ද බදු කපා හැරීමට පියවර ගෙන ඇති බවත් එය මාර්ග සහ යටිතල පහසුකම් සඳහා වූ සෙස් බද්දෙන් කපා හැරිමට තීරණය කර ඇති බවයි.
මෙම බදු කපාදැමීමෙන් සාමන්‍ය ජනතාවගේ වියදම් විශාල වශයෙන් අවම කිරීමට හේතුවී ඇති බවත් එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කරගැනීමටත් හැකියාව ලැබෙන ඇති බවද මුදල් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මේ සමබන්ධයෙන් රාහුල් ගාන්ධි පවසා ඇත්තේ මෙම හුදෙක් ජනතාව රැවටීමට ගෙන ඇති පියවරක් බවත් එමගින් රජයට අනිසි බරක් දැරීමට සිදුව ඇති බවත්ය.
ඉන්දියා පසුගිය කාලය පුරා රුසියාවෙන් වෙළෙඳ පොල මිලට සාපෙක්ෂව විශාල අඩු මිලකට ඉන්ධන ලබා ගැනීම සිදුකළ අතර එහිදී වැඩි වශයෙන් ඉන්ධන තොග රැස්කරගැනීමටද ඉන්දියාව තීරණය කර තිබිණි.
මෙම තීරණය සම්බන්ධයෙන් ඇමරිකා එකසත් ජනපදයෙන් ඉන්දියාවට යම් බලපෑමක් එල්ලවුවද එය සාර්ථක පාලනය කරගනිමින් ඇමරිකාව සහ රුසියාව යන පාර්ශව දෙකම සමබරව තබාගැනීමට ඉන්දියාව සමත්විය.