බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

by editor
සැප්තැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කැනේඩියානු භූමියේදී සීක් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් උත්සන්න වන ගැටුම මධ්‍යයේ ඉන්දියාව කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා අත්හිටුවා ඇති බව බීබීසී වාර්තා කරයි.

ඉන්දියානු  වීසා සේවා සපයන්නා වන BLS, සිය වෙබ් අඩවිය හරහා  මෙම  වීසා අත්හිටුවීම පිළිබඳ පණිවිඩය ප්‍රථම වරට අද පළ කළේය.

“ඉන්දියානු දූත මණ්ඩලයේ වැදගත් දැනුම්දීම: මෙහෙයුම් හේතූන් මත, 2023 සැප්තැම්බර් 21 සිට ක්‍රියාත්මක වන පරිදි, ඉන්දියානු වීසා සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත,” එම නිවේදනයේ දක්වා තිබිණි.

ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇ.ති  අතර එම ප්‍රශ්නය  BLS වෙබ් අඩවියට යොමු කරන ලෙස  BBC වෙතින් ඉල්ලූ බව එම පුවත් ඒජන්සිය පවසයි.

ඉන්දියන් සම්භවයක් සහිත කැනේඩියානුවෙක් වූ සික් ජාතික බෙදුම්වාදී නායකයා කැනඩා භූමිය තුළ ඝාතනය වීමත්  සමඟ සිද්ධිය පිළිබඳව  ඉන්දියාව සම්බන්ධ කරගෙන නැගෙන  “විශ්වසනීය චෝදනා” විමර්ශනය කරන බවට කැනඩාව ප්‍රකාශ කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ සතියේ දෙපාර්ශවය අතර ආතතිය  ඇවිලී  යන්නේ එම ප්‍රකාශයෙන් පසුය.

කෙසේ වෙතත්  ඉන්දියාව කෝපයෙන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේ එය “විකාරයක් ” ලෙස හඳුන්වමිනි.

විශ්ලේෂකයින් පවසන්නේ මාස ගනනාවක් තිස්සේ පළුදු වූ රටවල් අතර සබඳතා මේ වන විට කිසිදා නැති බිඳ වැටී ඇති බවකි.

ගැටුමට හේතුව

හර්දීප් සිං ඉන්දියාව විසින් ත්‍රස්තවාදියෙක් ලෙස නම් කළ පුද්ගලයෙකි. ඒ වර්ෂ 2020 දී ය.

කැනේඩියානු පුරවැසියෙකු වන හර්දීප් සිං නිජ්ජාර් ජූනි 18 වැනිදා බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සික් කෝවිලක් අසලදී මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින්  ඔහුගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කරන ලදී. hardeepsinghnijjar

ගොනු වෙමින් ඇති සාධක මත පදනම්ව  මෙම ඝාතනයට “ඉන්දියා රජයේ නියෝජිතයන්” සම්බන්ධ දැයි බුද්ධි අංශ විමර්ශනය කරමින් සිටින බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා ප්‍රකාශ කළේය.  ඔහු ප්‍රකාශ කලේ ඒ සම්බන්ධව විශ්වාසනීය සාධක හමුවන බවය..

කැනේඩියානු භූමියේදී කැනේඩියානු පුරවැසියෙකු ඝාතනය කිරීම සඳහා විදේශ රජයක් සම්බන්ධ වීම තමන්ගේ  ස්වෛරීභාවය සම්බන්ධ පිළිගත නොහැකි උල්ලංඝනයක් බව ද ටෲඩෝ අවධාරණය කළේය.  ඒ කැනේඩියානු පාර්ලිමේන්තුව අමතමිනි.

ඊට  ඉන්දියාව දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූයේය.  කැනඩාව එහි රැකවරණය ලබා දී ඇති “ඛලිස්තානි ත්‍රස්තවාදීන්ගෙන් සහ අන්තවාදීන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීමට” උත්සාහ කරන බව ඉන්දියාව පෙරළා කැනඩාවට චෝදනා කළේය.

බටහිර රටවල සීක් බෙදුම්වාදීන් කලීස්තානය හෝ වෙනම සීක් නිජබිමක් සඳහා කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දීය රජය බොහෝ විට තියුණු ලෙස ප්‍රතිචාර දක්වා ඇත.‍

1980 ගණන්වල සීක් බහුතරයක් වෙසෙන පන්ජාබ් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගත් ප්‍රචණ්ඩ කැරැල්ලක් සමඟ ඛලිස්තාන් ව්‍යාපාරය ඉන්දියාවේ උච්චතම අවස්ථාවට පත් විය.

එය ඉන්දියානු පාලකයෝ මැඩ පැවැත්වූහ.   දැන් එම බෙදුම්වාදී අදහස ඉන්දියාවේ එතරම් අනුනාදයක් නැත, නමුත් කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල සීක් ඩයස්පෝරාවේ ඇතැමුන් අතර තවමත් මේ සංකල්පය ජනප්‍රියය.

කැනඩාව පන්ජාබයෙන් පිටත වැඩිම සීක්වරුන් සංඛ්‍යාවක් සිටින අතර ඛලිස්තාන් හිතවාදීහු විරෝධතා සහ පෙළපාලි කිහිපයක් එහි පැවැත්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනය ලබන සතියේ ප්‍රකාශ කරනවා… අධ්‍යාපන ඇමති කියයි!

Next Post

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.