අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ඉන්දු – පකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කරයි…

by editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දින දෙකක් පුරා තරගය කල් දමමින් කඩින් කඩ නවත්වමින් පැවති ඉන්දු පකිස්ථාන තරගය නිමා වී ඇත.ඉන්දියාව ලකුණු 228ක  මහා විසාල ජයග්‍රහණයක් සමගය.

අමතර දිනයක් සහිතව තරග වේලාව වෙනස් කර වැස්ස මගහරිමින් තරගයේ එක් පිලකට ඕවර 50ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට තරග සංවිධායක ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය. මුලින් පන්දුවට පහර දුන්  ඉන්දීය කණ්ඩායම   පකිස්ථානයට ලකුණු 356ක දැවැන්ත ඉලක්කයක් ලබා දි තිබිණි.

ඔවුන් පිටියට පැමිණියේ ලකුණු 357ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේ අභිලාෂය සහිතව.  නමුත් ඉන්දීය පන්දු යවන්නෝ  තරගය තමන් අතට ගෙන පකිස්ථානු ඉනිම මුල සිටම විනාශ කළහ.

පකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අබාධයට ලක්වීම හේතුවෙන් පන්දුවට පහරදීමට පැමිණීයේ නැත. ඒ නසීම් ෂා සහ හරිස් රවුෆ්ය. ඉතිරි කඩුළු 08 ලකුණු  පන්දු ඕවර 32ක් තුළ දී ලකුණු  128කට දවා ගැනිමට ඉන්දීය පිල සමත් විය.

මුල් පෙළ කඩුළු 03 ලකුණු 43ක් තුළදී දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා සහ ෂර්දුල් ඨකූර් සමත් වූ බව සැබෑය. නමුත් පන්දු යැවීමේ දී මහා වික්‍රමයක් කළේ කුල්දීප් යාදේව්ය. ඔහු පන්දු ඕවර 08ක් යවා ලකුණු 25කට පකිස්ථානු කඩුළු 05ක් බිඳ හෙළුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දීය ඉනිම

කෝලි සහ රාහුල්.. වර්ණවත් සම්බන්ධතාවයක..

ඉන්දියාව ක්‍රීඩා කළේ අති විශිෂ්ට ඉනිමකි.  පිතිකරණයේ මහේශාඛ්‍ය ආනුභාවය කාසියේ වාසිය දිනා පන්දු රැකීම තේරූ පකිස්ථාන කණ්ඩායමට ඉන්දියාව විසින් පෙන්වා දී තිබිණි. ඔවුන් ලබා දුන්නේ පකිස්ථානයට ලඟාවීම සිහිනයක් සමාන වූ ඉලක්කයකි.

ආරම්භක පිතිකරු යුවල අර්ධ ශතක ලැබූහ. රෝහිත් ශර්මා ලකුණු 56ක් පන්දු 49ක් තුළ ලැබුවේය. ඊට හතරේ පහර හයක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

ශුබ්මන් ගුල් පන්දු 52ක් තුළ ලකුණු 58ක් ලැබුවේය. ඔහු ලකුණු 40ක් ලැබුවේ හතරේ පහර වලිනි. ඔහු එල්ල කළ හතරේ පහර 10කි.

උත්කර්ෂය වන්නේ ඉන් අනතුරුව පිටියට පැමිණ තරගය නිමා වනතුරු ක්‍රීඩා කළ  විරාට් කෝලි සහ කේ.එල් රාහුල් නොදැවී ශතක ලැබීමය.

කෝලි පන්දු 94ක දී නොදැවී ලකුණු 122කි. ඒ චමත්කාරාජනක ඉනිමට හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

කේ.එල් රාහුල් නොදැවී ලකුණු 111කි.  හතරේ පහර 12කි. හයේ පහර 2කි. ඉන්දියාව කඩුලු 02ක් දැවී රැස්කළ ලකුණු ප්‍රමාණය 356කි.

පකිස්ථාන පන්දු යවන්නෝ හොඳටෝම ගුටි කෑහ. ශහීම් ෂා ඇෆ්රිඩි පන්දු ඕවර 10ක දී ලකුණු 79කට කඩුල්ලක්, ෂඩාබ් ඛාන් පන්දු ඕවර 10ක දී ලකුණු 71ට කඩුල්ලක් දවා ගත්තේය.

පකිස්ථාන ප්‍රති උත්තරය

පාණ්ඩ්‍යාගේ පන්දුවකට බාබර් අසාම් ගේ කඩුල්ල බිඳවැටුණු අයුරු…

පකිස්ථාන ඉනිම පැවැත්වුනේ කඩින්කඩ වැටෙන වැස්සෙන් බාධා වෙමිනි.  ලකුණු 356ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට පිටියට පැමිණි   පකිස්ථාන කණ්ඩායම බිහිසුණු අගාධයකට ඇද දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.   ඉන්දීය කඩුළු 3ක් ලකුණු 47කට දැවී  ගියේය.

ජස්ටිප් බුම්රා ඉමාම් උල් හක් ලකුණු 09ට දවා ගත්තේය. හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් කඩුල්ලු කුඩු කරනවිට නායක බාබර් අසාම් ලබාගෙන තිබුණේ පන්දු 22ක දී ලකුණු 10කි. කඩුළු රකින පකිස්ථානයේ ප්‍රබල පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 02කට  ක්‍රිඩා ගාරයට යැවීමට ෂල්දූර් ඨකූර් සමත් විය.

ලකුණු 77ක් වනවිට යම් ස්ථාවරයක් පෙන්වමින් අන්තය ආරක්ෂා කරගත හැකි බවට බලාපොරොත්තු වූ  ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු 27කට කුල්දීප් යාදේව්ට ගොදුරු විය. එතැන සිට සෑම පිතිකරුවෙක්ම යාදේව්ගේ පහසු ගොදුරු වනු පෙනුණි. ආගා සලමන් ලකුණු 23කට, ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 23කට,  ෂබාබ් ඛාන් ලකුණු 06කට, ෆහීම් අෂ්රෆ් ලකුණු 04කට, දවා ගැනීමට කුල්දීප් යාදේව් සමත් විය.  පන්දු ඕවර 32ක් තුළ පකිස්ථානය ලකුණු 128කට බිඳ වැටුනේය.

කුල්දීප් යාදේව්ගේ වික්‍රමයෙන් සතුටුවන ශුබ්මන් ගිල්….

ජයග්‍රහණය ලකුණු 228කිනි. එය පකිස්ථාන ඉන්දියා ක්‍රිකට් ඉතිහාසයේ  තරගයකදී මෙතෙක් ඉන්දියාව වැඩිම ලකුණු ගණනකින්   ලබා ගත් ජයග්‍රහණය මෙයය. විරාට් කෝලි සිය 77 වැනි අන්තර්ජාතික ශතකය ලබා ගත්තේය.

වැදගත්ම වාර්තාවක් වේ. ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දු – පකිස්ථාන තරගයකදී  ප්‍රේක්ෂාගාර මේ තරම් හිස් වූ අවස්ථාවක් වාර්තා නොවීමය.

එහි ප්‍රතිඵල ලෙස ලංකාවේ තරග පැවතුන ද  සත්කාරකත්වය දරන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තරගයේ ප්‍රවේශපත් මිල අඩු කළේය.

තව පැය ගණනකින් නැවත වරක් ඉන්දියානු කණ්ඩායම පිටියට බැසීමට නිමිතය. ඒ ශ්‍රී ලංකාව සමග තරග වැදීමටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිනීමරුවන් 04 දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම!

Next Post

දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂය සමග එක්වී යළි දේශපාලනයට එන්න ගෝඨා සූදානමින්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.