එන්නත් නිපදවන ලොව විශාලතම සමාගම වූ සීරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා (එස්අයිඅයි) විසින් නිපදවන ලද ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නතෙහි සියලුම ප්‍රධාන අපනයන තාවකාලිකව අත්හිටුවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියාවේ පසුගිය දින කීපය තුළ කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑම නිසා දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා මෙම ක්‍රියාමාර්ගයට එළඹී ඇති බව වාර්තා වේ.
පසුගිය බ්‍රහස්පතින්දා සිට ඉන්දියාව එන්නත් අපනයනය කර නැති බව එරට විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවිය උපුටා දක්වමින් ජාත්‍යාන්තර මාධ්‍ය පවසයි.
රටවල් 180 කට වැඩි ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සපයන COVAX එන්නත බෙදා ගැනීමේ පහසුකම යටතේ දියත් කර ඇති වැඩපිළිවෙළට මේ තත්වය බලපෑමක් ඇති කරනු ඇතැයි පැවසේ.
COVAX සමාගමට මේ වන විට සීරම් ඉන්ස්ටියුට් වෙතින් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියන 17.7 ක් ලබා ගෙන ඇත., ඉන්දියාව විසින් නැව්ගත කර ඇති එන්නත් මාත්‍රාවන් මිලියන 60.5 මත විශ්වාසය තබා බොහෝ රටවල් තම පුරවැසියන්ට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.