ඉන්දියාව සිය අසල් වැසියන්ට සහයවීමේ ප්‍රති පත්තියෙන් ඔබ්බට යමින් අප්‍රිකානු කලාපයටද සිය සහය ලබාදීමට ඉන්දියාව මේවන විට පියවරගෙන ඇත. ඒ අනුව පසුගිය කාලයේදී ඉන්දීය රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 14.07 වටිනා ණය පහසුකම් 222ක් ව්‍යාපෘති 357ක් සඳහා ලබාදීමට පියවර ගනු ලැබ තිබේ.
මෙම ණය පහසුකම් අප්‍රිකානු රටවල් 42කට ලබාදී ඇති බවද ඉන්දීය රජය අනාවරණය කරයි. එ් අනුව මෙම ණය පහසුකම් මාර්ග, දුම්රිය මාර්ග, බලශක්ති, වරාය හා නාවික, සන්නිවේදන සහ ගුවන් යන ක්ෂේත්‍ර වල ව්‍යපෘති සඳහා ලබා දී ඇත.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයසන්කර් පසුගියද ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව අප්‍රිකානු කළාපය සමඟ සිය සම්බන්ධතා වර්ධනය කර ගැනීමට කඩිනමින් පියවර ගෙන ඇති බවයි. ඒ අනුව කළාපයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම ඉන්දියාවට මෙන්ම අප්‍රිකාන කළාපයට වැදගත් බවද ඔහු පෙන්වා දී තිබේ.
ඉන්දියාව රටවල් 43ක තානාපති සම්බන්ධතා මේවන විටත් ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී තවත් රටවල් 65ක තානාපති සම්බන්ධතා පිහිටුවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවටද අනාවරණය වේ.
මේ අතර ඉන්දියාව අප්‍රිකානු කළාපයේ ආරම්භ කළ ව්‍යාපෘති 197ක් මේවන විටත් අවසන් කර ඇති අතර එම ව්‍යාපෘති සියල්ල අදාල රටවල ආර්ථිකයට සෘජු දායකත්වයක් දැක්වීමට සමත්ව ඇති බවද වාර්තාවේ.
එහිදී මෙම ව්‍යාපෘති චින ව්‍යාපෘති වලට හාත්පසින්ම වෙනස් වන අතර එම ව්‍යාපෘති වලින් අදාල රටවල ණය බර වර්ධණය කිරීමක් සිදුනොවන බවද වාර්තා වේ.