දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ රාමේස්වරමේ සිට බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමට පැමිණි දෙමළ සරණාගතයෙකු ආරක්ෂක අංශ විසින් 3 දා අත් අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථනයක් වෙත බාර දී තිබේ.
1990 වසරේ යාපනයේ කීරමලේ සිට ඉන්දියාවට පළා ගිය මේ වැසියා මන්නාරමේ බෝට්ටුකරුවකුට රුපියල් 50000 ක මුදලක් ගෙවා මන්නාරමට පැමිණ ඇත්තේ 2 දා රාත්‍රියේය.
මන්නාරමේ සිට යාපනයේ කීරමලේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නැගෙණියගේ නිවසට යාම සඳහා ඔහු රුපියල් 8000 ක මුදලක් ගෙවා ත්‍රී රෝද රථයක් කුළියට ගෙන තිබේ.
ජෙගනාදන් ජෙනන් නැමති 43 හැවිරිදි මෙම පුද්ගලයා කීරමලේදී අත් අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇත්තේ යාපනය මල්ලාකම් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවය.
ඔහුට නීති මගින් කටයුතු කිරීමටද පියවර ගෙන ඇති අතර ඔහුට ඉන්දියාවේ සිට පැමිණීමට උදව් කළ බෝට්ටු කරුටද නීති මගින් කටයුතු කිරීමට යාපනයේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.