හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.
එම තනතුර සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කළ බවට ඔහුගේ නම විදේශ සබඳතා අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අද යොමු කර ඇත.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 2001 වසරේ පත්වූ මිලින්ද මොරගොඩ මහතා විවිධ ඇමතිධුර හොබවමින් පසුව ඔහුගේ දේශපාලන ගමන්මග වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ උපදේශකවරයා ලෙස ද කටයුතු කළේය.
පාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයා වන්නේ ද මිලින්ද මොරගොඩ මහතායි.