ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ජී 20 සමුළුවේ සභාපතිත්වය දැරීමත් ඊට අදාළ රැස්වීම 200 ඉන්දියාවේ විවිධ ස්ථානවල පැවැත්වීමත් එරට ‘පූර්ණ විවිධත්වය’ ලෝකයට පෙන්වීමට ලැබෙන අසාමාන්‍ය අවස්ථාවක් බව විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසීය.
ලෝකය ඉන්දියාව ගැන සිතන විට සිතන්නේ දිල්ලිය හෝ දිල්ලියෙන් ඔබ්බට පමණක් බැවින් මෙම අවස්ථාව ඉන්දියාව සතු දැවැන්ත විවිධත්වය, ශ්‍රේෂ්ඨ උරුමයන්, ස්වභාවික සම්පත් ඇතුලු අරුමපුදුම දේ ලෝකයට පෙන්වීමට ලැබෙන අනගි අවස්ථාවක් බව ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පූනේ හි සිම්බියෝසිස් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ G20 චින්තකයින්ගේ සමුළුව අමතමිනි.
“G20 ක්‍රියාවලියට රැස්වීම් 200ක් පමණ ඇතුළත් වන අතර, මෙම රැස්වීම් 200 ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම පැවැත්වේ.”
මෙම සමුළුව මිනිසුන්ට, විශේෂයෙන් තරුණයින්ට ලෝකය පිළිබඳ දැනුවත් භාවය වර්ධනය කර ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙසින් ද ඔහු පෙන්වා දුන්නේය. “අපි අද මෙතැනට රැස්ව සිටින්නේ ඉන්දියාවට G20 සභාපතිකම ලැබුණු නිසයි. G20 යනු ලෝකයේ විශාලතම ආර්ථිකයන් 20 ක රැස්වීමකි. එය ජාතීන් 20 ක එකතුවක් පමණක් නොවේ. G20 සභාපතිකම දුෂ්කර මොහොතක ඉතා සුවිශේෂී වගකීමකි.’ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.







