ඉන්දියාවේ ශ්‍රී නගර් හී ගණිත ගුරුවරයෙකු විසින් සූර්ය බලයෙන් ධාවනය කළ හැකි සුඛෝපභෝගී මෝටර් රථයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. බිලාල් අහම්ට නැමති මෙම ගණිත ගුරුවරයා විසින් වසර 11ක් පුරාවට සිදු කළ දැඩි කැපකිරීමකින් අනතුරුව මෙම මෝටර් රථය නිර්මාණය කර තිබිමද විශේෂත්වයකි.
මෙම මොටර් රථයේ ඉඩකඩ උපරිම වශයෙන් යොදාගෙන ඇත්තේ සූර්ය පැනල සවිකිරීමට වන අතර එමගින් එහි බැටරි උපරිම වශයෙන් ප්‍රේරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
අහමඩ් හට කාලයක පටන් සෑම පුද්ගලයෙකු හටම මිලදී ගැනීමට හැකි සුඛෝපභෝගී මොටර් රථයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කර තිබිණි. එහිදී ඔහු ප්‍රථමයෙන් අබාධිත පුද්ගලයින් හට මිලදී ගැනීමට හැකිවන ආකාරයේ මෝටර් රථයක් නිර්මාණය කිරීමට සැලසුම් කළේය.
එහෙත් ඒ වන විටත් ඔහු මුහුණ දී සිටි ආර්ථික අභියෝග හමුවේ එම ප්රයත්නය අතරමඟ නවතා දැමීමට ඔහුට සිදුවිය. “මට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් වුනේ නැහැ. මට මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ පහලොවක් පමණ වැය කරන්න සිදු වුනා.” යනුවෙන් ඔහු ඉන්දිය මාධ්‍ය වෙත අදහස් දකවිමන් පවසා තිබිණි.
අහමඩ් පවසන අන්දමට මෙම මෝටර් රථයද ලොව ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී මොටර් රථ වල අංග වලින් සමන්විතය. එමෙන්ම මෙම මොටර් රථය සම්පූර්ණයෙන්ම බලගැන්වෙන්නේ සූර්ය පැනල මගින් නිපදවන බලශක්තියෙනි.
“බී.එම්.ඩබ්ලිව්. ෆෙරාරි, මර්සිඩීස් වැනි මොටර් රථ බහුතරයක් සාමාන්‍ය ජනතාවට හුදෙක්ම සිහිනයක් පමණි. ඔවුන්ට එවැනි මෝටර් රථයකට සමාන සුව පහසුවෙන් ගමන් බිමට යෑමට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ නිසාම මම හිතනවා මේ මෝටර් රථයෙන් සමාන්‍ය ජනතාවටත් එම මෝටර් රථවලට සමාන අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි කියා.” යනුවෙන්ද අහමඩ් වැඩිදුරටත් ප්‍රකාශකර තිබිණි.







