ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයසංකර් චීනයට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ දැඩි විවේචනයකට ලක්කර ඇති බවට වාර්තාවේ.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් නම් කරනු ලබන ත්‍රස්ත සංවිධාන සහ ත්‍රස්ත සාමාජිකයින්ගේ ලයිස්තුවට නම් කිරීමේදී ඊට ඇතුලත්ව ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් චීනය විසින් බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම විවේචනය සිදුකර ඇත.
එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ තස්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදීන් නම් කිරීමේදී තම රටට ඇති වෙන වාසි සහයගත තත්ත්වයන් පසෙකලා සමස්ථ ලෝක ප්‍රජාවට ඇති වන බලපෑම සැලකිය යුතු බවයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ ප්‍රංශ විදේශ අමාත්‍යවරිය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවත්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේදීය.
එ අමාත්‍ය ජයසංකර් ගේ මෙම ප්‍රකාශයට හේතුවී ඇත්තේ ජගත් ආරක්ෂක කවුන්සිලය විසින් සම්පාදනය කරනු ලබන ත්‍රස්ථ සංවිධාන සහ ත්‍රස්ත සාමජිකයින් සම්බන්ධයෙන් සකස්කරන ලේඛනයෙන් පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් සහ එහි ක්‍රියාකාරිකයෙකු නම් කිරීමේදී එය බාධා කර තාවකාලිකව නවතා දැමීමට චීනය කටයුතු කිරීමත් සමඟයි.
‟රටවල් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම පසෙකලා ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකර කටයුතු කළයුතුයි.” යනුවෙන්ද අමාත්‍ය ජයසංකර් පවසා ඇත.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය තානාපතිවරියද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. එහිදී ඇය පෙන්වා දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවකදී පවා මෙලෙස ත්‍රස්ත සංවිධාන සහ ත්‍රස්තවාදීන් තහනම් නොකිරීම අනුමත කළ නොහැකි කාරණයක් බවයි.