රටේ දෛනික ඔසිජන් නිශ්පාදනය ඉක්මවමින් ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යද්දී දැනට ගබඩා කර ඇති අතිරික්තය අවසන් වී යන බවත් එය ආවරණය කරගැනීම සඳහා ඉන්දියාවෙන් සතියකට වරක් ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇති ඔක්සිජන් ටොන් තුන්සියය ප්‍රමාද වන බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.
මේ තත්වය තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීයෙකු නොවී හැකි පමණ ආරක්ෂා වීම සෑම පුද්ගලයෙකුගේම යුතුකම මෙන්ම වගකීමක් යැයිද ඔහු පෙන්වාදේ.
රට තුළ දෛනිකව ඔක්සිජන් නිෂ්පාදිත ප්‍රමාණය ටොන් 77ක් වන නමුත් මේ වන විට කොවිඩ් වයිරසය ආසාදනය වූ රෝගීන්ගේ දෛනික අවශ්‍යතාව ඔක්සිජන් ටොන් 85 දක්වා ඉහළ ගොස් ඇතැයි ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සඳහන් කරයි.
මේ වන විට හදිසි අවශ්‍යතාවන් සදහා ගබඩා කර තිබෙන ඔක්සිජන් ප්‍රමාණයන් පවා භාවිතයට ගැනීම සිදුව ඇති බවත්ක ර්මාන්ත ශාලාවන්වෙත ඔක්සිජන් නිකුත් කීරීම පවා නවතා දමමින්රෝ හල්වල අවශ්‍යතාව සැපයීම ආරම්භ කර ඇතැයි වෛද්‍ය රත්නායක පැවසීය.
කෙසේ වෙතත් මීට දින කීපයකට පෙර වාර්තා වූයේ දැනට ඇති ඔක්සිජන් සංචිතය ප්‍රමාණවත් වන්නේ සතියක් සඳහා පමණක් බවයි.