ශ්‍රී දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ගාල්ල කරාපිටියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
අද ජනාධිපතිවරයා විසින් විවෘත කළ ගාල්ල කරාපිටියේ ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ඇඳන් 640 කින් යුතු අතර නවීන පහසුකම් සහිත, ශල්‍යාගාර හයකින්, හදිසි අනතුරු ඒකක, දැඩි සත්කාර, ළමා රෝග ඒකක සහ නවීන පහසුකම් වලින් සමන්විත වේ.