ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දී ලකුණු 146ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දී ඇත. ඒ කඩුලු 05ක් දැවී යෑමෙනි.
අප දුටුවේ සටනක විශිෂ්ටත්වය කියා දෙන මනරම් පිතිකරණයකි. කණ්ඩායමක් බිඳ වැටෙන විට කණ්ඩායමේ නායකයාගේ භූමිකාව කුමක් දැයි දසුන් ශානක පෙන්නුවේය. කණ්ඩායමම දසුන් වූයේය. පන්දු 38ක දී මනරම් ලකුණු 74කි. හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක් ඊට ඇතුළත් වූයේය.
අනික් අන්තයේ පන්දුව පිත්තේ වද්දා ගතහැකි පිතිකරුවෙක් සිටියා නම් ලකුණු 160ක සීමාවට යන්නට තිබිණි. චාමික කරුණාරත්න පන්දු 19කටම ලබා ගත්තේ ලකුණු 12කි.
ශ්රී ලංකාව ලකුණු 146ක ඉලක්කයක් ලබා දී ඇත. බිඳවැටුණු ආකාරයට ක්රීඩා ලෝලීන් කල්පනා කළේ ලකුණු 100ක ඉලක්කයක් වත් ලබා නොදෙනු ඇතැයි කියාය.
ධනුෂ්ක ගුණතිලක මුහුණ දුන් පළමු පන්දුවේදීම කඩුල්ල කුඩු කරගත්තේය. අයෙත් මේ ක්රීඩකයා ෆේල්ය. චරිත් අසලංකට ආරම්භක පිතිකරණය හරියන්නේ නැත. ලකුණු 04කට ඔහු දැවී ගියේය. ජනිත් ලියනගේ ලකුණු 09කි. දිනේශ් චන්දිමාල් යන්තම් ලකුණු 22ක් රැස් කළේය. ඒ පන්දු 27කදීය. දසුන් පිටියට එන්නේ ශ්රී ලංකා කඩුලු 5ක් ලකුණු 60කට බිඳ වැටී ගොස් ඇතිවිටය. පන්දු ඕවර 12.1 යවා ඇති විටය. ලකුණු 146ක අවසානය කරා කණ්ඩායම දසුන් ගෙන එන්නේ තනි අතිනි. ලකුණු 86ක පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයෙහි ලකුණු 74ක් දසුන්ගේය. චාමික කරුණාරත්නට පන්දු 19 තුළ ලකුණු 12කි.
ඉනිමේ අතිරේක ලකුණු 24කි. දසුන්ට පසුව වැඩිම ලකුණු ගණන එක්වන්නේ අතිරේක ලකුණු ලෙසය.
පන්දු යැවීමේ දී අවෙශ් ඛාන් ලකුණු 23කට කඩුලු 2ක්, මොහොමඩ් ෂිරාජ්, රවී බිෂ්නෝයි සහ හර්ෂාල් පටෙල් එක කඩුල්ල බැගින් ලබා ගත්තේය.