2021 වසරට පසු ලෝක වෙළෙඳපලේ බොරතෙල් සඳහා වාර්තා වූ අඩුම මිල මේ වනවිට වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි සති කීපය ඇතුළත එම මිල සියයට 20කින් පමණ පහළ යනු ඇති බවය.
රුසියා-යුක්‍රේන යුද්ධයෙන් පසුව මෙවැනි අගයකින් බොරතෙල් මිල පහළ යනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවද එම වාර්තා පෙන්වා දී තිබේ.
පසුගිය වකවානුවේ බොරතෙල් මිල ඉහළ යාමට රුසියා-යුක්‍රේන යුද්ධය ප්‍රබල සාධකයක් වූ බවත්, මෙලෙස විශාල ප්‍රතිශතයකින් එක්වරම ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ලොවපුරා ජනතාවට විශාල සහනයක් ඇතිවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. .
පසුගිය 2021 වසරේ දී ඩොලර් 100ක් දක්වා ඉහළ ගොස් තිබුණු බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 67 තෙක් පහළ වැටී ඇත.







