අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි වසර පනහක කාලය තුළ සතුන්ගෙන් මිනිසාට බෝ විය හැකි වෛරස තිස් දහසක්… මහාචාර්ය එම්.ඩී. ළමාවංශ හෙළි කරයි!

by editor
අගෝස්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඉදිරි වසර පනහක කාලය තුළ සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි වෛරස්  වර්ග තිස් දහසක් පමණ ඇති  බවට අනාවරණය වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඒම් ඩී ළමාවංශ   පවසයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් සීඝ්‍රයෙන් ඝන අයිස් තට්ටු දියවී යාම මත අතීතයේ සැඟවී ගිය වෛරස මතුවිය හැකි යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මහාචාර්ය එම්.ඩි. ළමාවංහ

පාරිසරික විද්‍යා ක්ෂේත්‍රයේ නවතම විද්‍යාත්මක දැනුම පර්යේෂකයන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර බෙදා හැරීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රය මඟින් සිකුරාදා (25) දිනයේ දී තෙවන වරට පැවැති   ජාත්‍යන්තර සමුළුව අමතමින්  උපකුලපතිවරයා මේ බව හෙළි කළේය.

“දේශගුණික විපර්යාස හමුවේ තිරසාරත්වය සඳහා වූ පාරිසරික කළමනාකරණය පිළිබඳ ගවේෂණය“ යන තේමාව යටතේ මෙම සමුලුවේදී  මහාචාර්යවරයා  කීවේ කොරෝනා ඉබෝලා වැනි වෛරස   මත සිදුවූ ලෝක වසංගත ව්‍යසනයන් පිළිබඳව අත්දැකීම් ඇති බැවින් විශ්වවිද්‍යාල මට්ටමෙන් පැමිණිය හැකි නව තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒවා ජනතාවට බලපාන අන්දම පිළිබඳ පර්යේෂණ සිදු කරීම ඇරඹී ඇති බවත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම උදෙසා සිදු කළ යුත්තේ කුමක්ද යන්න සොයා බලමින් විශ්වවිද්‍යාල මට්ටමින් කටයුතු කරන බවත්ය.

වසරින් වසර කාලගුණය සහ දේශගුණය වෙනස්වීම උෂ්ණත්වය ඉහළ යාම සැලකිය යුතු මට්ටමින් වෙනස් ස්වරූප ගන්නේ ජනතාව තනි පුද්ගල සහ කණ්ඩායම් ලෙස පරිසරයට ලබාදෙන බලපෑම් මත බවට මේ වන විටත් තහවුරු වී ඇතැයි ද මහාචාර්යවරයා එහිදී   පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සමුළුව සංවිධානය කළ  පේරාදෙණිය විශ්වවිද්‍යාලීය පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රය (Center for Environmental Sustainability) පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීමෙහිලා සෑම විටම පෙනී සිටිමින් කැපී පෙනෙන සේවාවක් ඉටු කරන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වඩාත් ක්‍රියාකාරී  ආයතනයකි.

සමුළුවේ  ප්‍රධාන අරමුණු වූයේ පර්යේෂණ, නව නිපැයුම්, සංවාද සහ භාවිතය තුළින් පාරිසරික ගැටලු සහ දේශගුණික විපර්යාස පදනම් කරගත් අභියෝග සඳහා විසඳුම් යෝජනා කරමින් පාරිසරික තිරසාරත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය වේදිකාවක් සැපයීමය.

ශ්‍රී ලංකා  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත   මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ද, ජාතික පවිත්‍රකාරක නිෂ්පාදන මධ්‍යස්ථානයෙහි (National Cleaner Production Center) ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සමන්ත කුමාරසේන   ප්‍රධාන කථිකයා වශයෙන්ද ඊට සහභාගි වූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත්තනෝමතික පරිසර හානියේ ප්‍රතිවිපාක ලැබෙද්දි වගා හානි වන්දි විතරක් දී පලක් නෑ… වන්නිලා ඇත්තෝ කියති….

Next Post

නියෝගයට පිටින් බිස්නස් ක්ලාස් ගිය නිලධාරීන්ට අතින් මුදල් ගෙවන්න වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.