අවශ්‍ය ඉන්ධන නොලැබෙන්නේ නම් හෙට සිට දෛනිකව පැය දෙක හමාරක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ගත් නමුත් විදුලි කප්පාදුවක් හෙට සිට සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැතැයි විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග පවසයි.
මේ වනවිට විදුලි නිශ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අඩුවකින් තොරව ලැබෙමින් පවතින බැවින් විදුලි නිශ්පාදනයේ ගැටලුවක් මේ මොහොතේ පැන නැගී නැති නමුත් ඉදිරියේ දී ඇතිවිය හැකි තත්වයන් සලකා බලා මෙම තීන්දුව ගත් බව සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
අවශ්‍යතාවයක් ඇතිවුවහොත් දිගටම විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදුවන බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.