බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරියේ දී රුසියානු කොවිඩ් එන්නතක්  ලංකාවේ හදනවා…

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු  රාජ්‍ය අමාත්‍යංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

by editor
ජනවාරි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සටහන – නතාෂා නෙත්මිණි

  • එන්නත් කර්මාන්ත ශාලා දෙකක් පන්නල හා හොරණ හදන්න සැලසුම් කරලා තියනවා…

  • නිශ්පාදනය කරන එන්නත පිට රටවලටත් සැපයීම ඉලක්කයක්

කොවිඩ් මර්දනය සදහා මෙරට ක්‍රියාත්මක කරන එන්නත් වැඩ පිළිවෙල පිළිබදව  ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝගපාලනකටයුතු  රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි

ප්‍රශ්නය – ඉන්දියාවන් ප්‍රදානයක් ලෙස පසුගියදා අපට ලැබුණ ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ 5ක ප්‍රමාණය පුද්ගලයින් ලක්ෂ දෙකහමාරක් සඳහා පළමු මාත්‍රාව ලබා දිම ආරභබ වුණා. එහි දෙවන මාත්‍රාව ලබා දෙන්නේ දින කීයකට පසුව ද?.

පිළිතුර –  සාමාන්‍යයෙන් පළවෙනි මාත්‍රාව ලබා දී දින 21ට පසුවයි. නමුත් දින 30කින් ලබා දෙන්න පුළුවන් නම් එය වඩාත් හොඳයි

ප්‍රශ්නය- මෙම එන්නත් ලක්ෂ 5ක ප්‍රමාණය  ලබා දීමෙන් පසුව රටේ ඉතිරි ජනගණය සඳහා එන්නත් ලබා දෙන්නේ කවදාද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආරක්ෂක අංශ සමාජිකයන් එන්නත් කරමින්…

පිළිතුර –  මේ වන විට ජනාධිපතිවරයා ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 35ක ප්‍රමාණයක් මුදලට ඉල්ලා තිබෙනවා. එම ප්‍රමාණයත් අපිට ඉක්මනින්ම ලැබෙයි. ඒ ලැබුණ වහාම ජනතාවට දීමට බලාපොරොත්තු වෙනවා .

ප්‍රශ්නය –  ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ  20කට   ලබා දිය හැකියි. ඒත් රටේ ජනගහනය  කෝටි 2යි‍. ඉතිරි ජනගහනයට එන්නත ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් තියෙනවාද?

පිළිතුර –  මේ වන විට චීනයෙන් එන්නත් කිසියම් ප්‍රමාණයක් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතයි‍  ඒ වගේම කොවැක්ස්  ආයතනය මගින් රටේ ජනගහනයෙන් සියයකට 20ක ප්‍රතිශතයකට එන්නත ලබා දීමට කැමැත් පළ කර තියෙනවා. සියයට 20ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒත් එක්කම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් “ෆයිසර්” එන්නත මිලියන 2ක ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු යොදා තියෙනවා මේ සියලුම එන්නත් රටේ ජනගහණයෙන් මිලියන 11කට  විතරයි ලබා දෙන්න අවශ්‍ය වන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වන්නේ එන්නත ඩෝස් මිලියන 22ක් පමණයි. තවත් රටවල් කීපයක් එන්නත් අපිට ප්‍රදානයන් වශයෙනුත් මුදලටත් දීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ප්‍රශ්නය – රටේ ජනගහනයෙන් මිලියන 11ට එන්නත ලබා දීමෙන් අනෙක් අය ආසාදිතයින් බවට පත් නොවන බවද ඔබ කියනවද?

පිළිතුර – කොහොමත් මේ එන්නත අවුරුදු 18 ට අඩු අයට, කිරිදෙන මව්වරුන්ට හා ගර්භනී මව්වරුන්ට ලබා දෙන්නේ නැහැ. අපි විතරක් නෙවෙයි ලෝකයේ කිසිම රටක කොවිඩ් එන්නත ඒ අයට තවම ලබා දීමට නිර්දේශ කරලා නැහැ. ඒ නිසා තමයි අපේ  ජවගහණයෙන් සියයට 50ට මෙය ලබා දෙන්නේ. කොහොම නමුත් සියයට 50කට වගේ ප්‍රතිශතයකට ලබා දුන්නාම පොකුරු ප්‍රතිශක්තියක් ඇති වෙනවා. එහෙම වෙනකොට මේ රෝගය පාලනය වීමක් වෙනවා.

ප්‍රශ්නය – මේ එන්නත මගින් ශරීරයේ ඇතිකරන ප්‍රතිශක්තිය කොපමණ කාලයකට පවතිනවාද?

පිළිතුර – දැනට තියෙන තොරතුරුවලට අනුව අවුරුද්දකට මේ එන්නත මගින් රැකවරණය ලැබෙනවා කියලයි කියන්නේ. කොහොම නමුත් මේ වෛරසය ලෝකයට අලුත්.  එන්නත වුණත් ඉතා කෙටි කාලයකදී තමයි නිෂ්පාදනය කළේ. ඒ නිසා අවුරුද්දක් පමණ ආරක්ෂාවක් සැලසෙන බවයි කියන්නේ. කොහොම නමුත් මේ වෛරසය හා එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන දෙයක් නිසා නිශ්චිතව යමක් කියන්න පුළුවන් කමක් නැහැ.

ප්‍රශ්නය – “ෆයිසර්” එන්නතට මෙරටට ‌ෙගනඒමට කටයුතු කරනවා. එය ගෙනවිත් ගබඩා කිරීමේ පහසුකම් තිබෙනවාද?

පිළිතුර – එන්නත් මිලියන දෙකක ප්‍රමාණයක් ගබඩා කිරීමේ පහසුකම් අප සතුව පවතිනවා.

ප්‍රශ්නය – “ෆයිසර්” එන්නත ලබා දීමට විශේෂිත පුද්ගලයින් කණ්ඩායමක් තෝරාගෙන සිටිනවාද?

පිළිතුර – කොහෙත්ම නැහැ. එන්නත ලංකාවට ආ පසුව ඒ මොහොතේ ලබා දීමට අවශ්‍ය පුද්ගලයින් කවුද කියලා හඳුනාගෙන ඒ අයට දෙනවා. කිසිම වර්ග කිරීමක් හෝ තේරීමක් සිදුවෙන්නේ නැහැ.

ප්‍රශ්නය – අපේ රට තුල වැක්සීන් නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමුව තිබෙනවා නේද?

පිළිතුර – ඔව් දැනට රුසියාවේන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා රුසියාවේ නිෂ්පාදනය කරන එන්නතක්  ලංකාවේ නිෂ්පාදනය කිරීම සදහා. ඒ පිලිබඳව මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් මත චන්න ජයසුමන ඇමතිවරයා රුසියාවේ එන්නත් නිෂ්පාදිත සමාගම සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.

ප්‍රශ්නය – ලංකාවේ නිෂ්පාදනය කරන එන්නත් වෙනත් රටවල් සඳහා අපනය කිරිමට බලාපොරොත්තු වෙනවාද?

පිළිතුර – අනිවාර්යයෙන්ම. අපි මෙතෙක් කලක් එන්නත් ආනයනය කලා. ඉදිරියට අපිට පුළුවන් වෙයි දකුණු ආසියානු කලාපයට  එන්නත් අපනයන කරන්න රටක් බවට පත්වෙන්න‍

ප්‍රශ්නය – මේ කර්මාන්තශාලා ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ප්‍රදේශයන්වලද?

පිළිතුර – දැනට තීරණය කරලා තියෙන්නේ පන්නල හා හොරණ ප්‍රදේශවල මේ කර්මාන්තශාලාවන් ඉදිකිරීමටයි.

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 08යි… ආසාදිතයින් 848යි…

Next Post

පුරාවිද්‍යා උරුමය මතුකිරීමට එරෙහිව ටී.එන්.ඒ. අධිකරණයට යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.